අද(20) පස්වරු 6.00 සිට ලබන සඳුදා පෙරවරු 6.00 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවා තිබේ.

ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව නිවේදනය කළේය.

අප වෙත වාර්තාවන තොරතුරුවලට අනුව රජයේ මාධ්‍යයන් සඳහන් කරන තොරතුරු හා දත්ත වලට වඩා කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව බරපතල ලෙස ආක්‍රමණය කරමින් සිටියි. 

 කොවිඩ් නයින්ටීන් ආසාදනයවිමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 10000 ඉක්මවා තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ පුද්ගලයින් 10041 දෙනෙකු මේ වන විට මියගොස් ඇති බවයි.

මේ වන විට ලොව පුරා පුද්ගලයින් 2,44,950 දෙනෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති අතර පුද්ගලයින් 87,408 දෙනෙකු සුව වී තිබේ.

ශ්‍රී ලංකාවෙන් හමු වූ කොරෝනා රෝගීන් ගැන පැහැදිළි කිරීමක්

මේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන 17ක් තුළ පුද්ගලයින් 2463 දෙනෙකු නිරෝධනයට ලක්වන බව කොවිඩ් නයින්ටීන් පැතිරිම වැලැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

එම නිරෝධායන මධ්‍යස්ථාන තුළ විදේශිකයින් 27 දෙනෙකු ද සිටින බව වාර්තා වෙයි.

ඉන්දියාවේ නවදිල්ලි නගරයේ සිට පැමිණි  ශ්‍රී ලාංකික වන්දනාකරුවන් ද ස්වයං නිරෝධායන ක්‍රියාවලිය සඳහා මේ වන විට යොමු කර තිබේ.

ශ්‍රී ලංකාවේ මේ දක්වා වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් 59 දෙනාගෙන් 25 දෙනෙකු විදේශගතව සිට පැමිණි ශ්‍රී ලාංකිකයන් බව ‘‘කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය' පවසනවා.

අදාළ පුද්ගලයන් 25 දෙනාගෙන් 22 දෙනෙකු ඉතාලියේ සිට පැමිණි පුද්ගලයින් වන අතර එක්සත් රාජධානියේ සිට පැමිණි දෙදෙනෙකු සහ ඉන්දියාවේ සිට පැමිණි එක් අයෙකු ද ඔවුන් අතර වන බව එම මධ්‍යස්ථානය සදහන් කළේය.

ඊට අමතරව හදුනාගෙන ඇති රෝගීන්ගෙන් 20 දෙනෙකු නිරෝධායන කඳවුරුවලින් හඳුනාගත් පුද්ගලයින් බව එම මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසයි.

ආරක්‍ෂක අමාත්‍යාංශය කළ දැනුම්දීම අනුව මාර්තු මස පළමු වැනිදා සිට 15 වැනිදා දක්වා කාලය තුළ විදේශගතව සිට පැමිණි පුද්ගලයන් 8,437 දෙනෙකු ඊයේ දිනය වනවිට පොලිස් ස්ථානවල හෝ 119 ඇමතුම් මධ්‍යස්ථානයේ ලියාපදිංචි වී තිබිණ.

දැනට covid 19 රෝගීන් හමුවී ඇති ප්‍රදේශ:


1. මත්තේගොඩ
2. කොළඹ 08
3. කොළඹ 08
4. මහර
5. උඩුබද්දාව
6. දුන්කන්නාව
7. කොළඹ 08
8. ගල්කිස්ස
9. කොළඹ 08
10. ගාල්ල
11. අකුරගොඩ
12. රාජගිරිය
13. බෞද්ධාලෝක මාවත
14. කොළඹ 06
15. කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය
16. කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය
17. කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය
18. කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය
19. මඩකලපු නිරෝධායන මධ්‍යස්ථානය
20. කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය
21. කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය
22. කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය
23. කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය
24. කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය
25. ගල්කන්ද නිරෝධායන මධ්‍යස්ථානය
26. කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය
27. කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය
28. කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය
29. මාරවිල
30. රත්නපුර
31. මඩකලපු නිරෝධායන මධ්‍යස්ථානය
32. කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය
33. වවුනියා නිරෝධායන මධ්‍යස්ථානය
34. උඩුගම්පොල
35. කැලණිය
36. වත්තල
37. නෙළුම්දෙනිය
38. කළුතර දකුණ
39. කොළඹ 08
40. කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය
41. මඩකලපුව
42. වයික්කාල
43. වයික්කාල
44. මොරවක
45. කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය
46. බණ්ඩාරගම
47. බේරුවල
48. මාලබේ
49. දෙහිවල-ගල්කිස්ස
50. රත්මලාන
51. වත්තල
52. ජා-ඇල

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්