theleaderlk 01

දශක තුනක් පැවති සිවිල් යුද්ධය නිමා කර, 15 වැනි සැමරුමට අපි ළඟා වී සිටිමු.

එහෙත් තමන් තවමත් 'අනාථයින්' ලෙස ජීවත්වෙන බව මුලතිව්, කෝකිලායි මොට්ටුආරම ගම්මානයේ ජනතාව BBC සිංහල සේවයට පැවසූහ.

මේ ගම්මානයේ පවුල් 300ක් පමණ ජීවත් වෙන අතර බහුතරය සිංහල ජාතිකයන් වේ.

1930 දශකයේ දී ජනාවාස වූ මේ ගම්මානය යුධ ගැටුම් නිසා කෙටි කාලයක් හැර යාමට ද ජනතාවට සිදු විය. පරම්පරා කිහිපයක් ජීවත් වුව ද අදටත් ඔවුන්ට ඉඩම් සඳහා රජයෙන් බලපත්‍රයක් හෝ ලැබී නැත.

ධීවර රැකියාවෙන් ජීවත්වෙන ජනතාවට භූමිතෙල් සැපයීමට ඉන්ධන පිරවුම්හලක් ඉදි කර ඇතත් අදටත් එය විවෘත කර නොමැත. ගම්මානයේ මූලික පහසුකම් නොමැති අතර කිසිඳු දේශපාලනඥක් ඒ පිළිබඳව සොයා නොබලන බව ද කෝකිලායි වැසියෝ පැවසූහ.


(BBC සිංහල සේවය)

pe2024 2

worky sin

නවතම පුවත්