theleaderlk 01

ඉදිරි ජනාධිපතිවරණයට තරගකරන්නේදැයි ඇසූ පැනයකට පිළිතුරු දෙමින් ජනපති රනිල් වික්‍රමසිංහ පවසා සිටියේ, තමන් ජනාධිපතිවරණයට

ඉදිරිපත් වන්නේදැයි යන්න පිළිබඳව සමාජයේ පවතින ප්‍රශ්නය එලෙසම තිබෙන්නට ඉඩ හරින බවයි.  

ජනාධිපතිවරයා මේ බව පවසා සිටියේ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදීන් පිරිසක් සමග ඊයේ (16) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති හමුවකදීය.

සාකච්ඡා කිරීමට සූදානම් ඕනෑම අයෙකු සමග තමන් සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව ද ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.

මේ අතර ණය ප්‍රතිව්‍යුහගතකරණය සාර්ථක කරගත හැකිවනු ඇති බවත්, විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් පවසන ආකාරයේ අතිවිශාල ණය කපාහැරීමක් බලාපොරොත්තු විය නොහැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසිය.


IMF ගිවිසුම සංශෝධනය කරන්න බැහැ


ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම සංශෝධනය කළ නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මාධ්‍යවේදීන් හමුවේ අවධාරණය කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ලංකා ආණ්ඩුව, ණය ලබා දුන් රටවල් සාකච්ඡා කර ගිවිසුම අත්සන් කර ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

 වසර 2033 දක්වා ඉලක්ක ලබාදී ඇති බවත් ඒවා සම්පූර්ණ කරමින් සිටින අතර ඒ පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් සෑහීමකට පත්ව ඇති බවද ඔහු අවධාරණය කළේය.

ගිවිසුම සංශෝධනය කරන බව ප්‍රකාශ කර ඇත්තේ එක් දේශපාලන පක්ෂයක් බවත් ජාතික ජනබලවේගය ගිවිසුම සංශෝධනය නොකරන බවත් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඔහු කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා සිටියේ, මෙම වසර තුළ වැටුප් වැඩි නොකරන බවට දැනුම්දී ඇති පසුබිමක දේශපාලන වාසි ලබාගැනීමේ අරමුණින් ඡන්දයක් පැවැත්වීමට නියමිත මොහොතක වෘත්තීය සමිති වැඩවර්ජනයවල නිරතව සිටින බවය.

 
 

pe2024 2

worky sin

නවතම පුවත්