මැතිවරණය ඉලක්ක කර ගෙන විවිධ ලාභ ප්‍රයෝජන උදෙසා මත්පැන් බලපත්‍ර සූදුවේ නියැලෙන අයට විරුද්ධව ගත යුතු සියලුම නෛතික ක්‍රියාමාර්ග

ගන්නා බවට විපක්ෂ නායකවරයා ප්‍රකාශ කර තිබේ.

මත්පැන් අවම වූ ජන සමාජයක් නිර්මාණය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන සමගි ජන බලවේගය මෙවැනි ක්‍රියාදාමවල නිරතවන සියලු දෙනාට නීතිය හමුවට පැමිණිමට සිදුවන බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පෙන්වා දෙන්නේ.

කොළඹ නාරාහේන්පිට අභයාරාමයේ පැවැති කොළඹ දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩල ත්‍යාග ප්‍රධානෝත්සවය සඳහා එක් වූ විපක්ෂ නායකවරයා මේ බව කියා සිටි අතර සසුනට අරුණ වැඩසටහන යටතේ මෙම ත්‍යාග සඳහා රුපියල් ලක්ෂ 12ක මුදල් අනුග්‍රහයක් ලබා දීමට ද ඔහු කටයුතු කර තිබුනි.

බුදුදහමට මුල්තැන දෙන එක ගැන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වුවත් අශිෂ්ඨ දුස්චරිත සමාජයක් බිහි කිරිමට මුල්වන මත්පැන් මත්ද්‍රව්‍ය හා දුම්වැටි ප්‍රවර්ධනය වන යුගයක් මේ වන විට නිර්මාණය වී ඇති බව ද ඔහු මෙහිදි පැවසීය.

පෞද්ගලික ලාභ ප්‍රයෝජනය උදෙසා මෘදු මත්පැන් බලපත්‍ර, තැබෑරුම් බලපත්‍ර තමන්ට රිසි සේ විවිධ මිල ගණන්වලට අලෙවි වන බවත් ඒ අලෙවියට පාර්ලිමේන්තුවේ 225ත් ගොදුරක් කර ගන්නට දැවැන්ත උත්සාහයක් ඇතැයි විපක්ෂ නායකවරයා හෙලි කළේය.

මෙවැනි නිර්ලජ්ජිත ක්‍රියා වර්තමානයේ විවිධ ප්‍රබලයන්ගේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක බවත් විහාරස්ථාන, පල්ලි කෝවිල් දේවස්ථාන, පාසල් ආසන්නයේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ අරමුණ යැයි කියා මෙවැනි මත්පැන් බලපත්‍ර බෙදා දීම වැරදි ක්‍රියාවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් කියා සිටියේය.




 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්