ඩීපී එඩියුකේෂන් නිර්මාතෘ සහ සභාපති ධම්මික පෙරේරා

සිසුන් සහ දෙමව්පියන් 10,000කගේ සහභාගීත්වයෙන් ඩීපී එඩියුකේෂන් සිසුන් ඇඟයීමේ සහතික පත්‍ර ප්‍රධානෝත්සවයක් 2024 මැයි මස 19 (ඉරිදා) කුරුණෑගල, වැහැර ක්‍රීඩාංගණයේ දී  උදෑසන 8.30 ආරම්භවේ.

ඩීපී එඩියුකේෂන් නිර්මාතෘ සහ සභාපති ධම්මික පෙරේරා මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වන අතර ස්වාමින් වහන්සේලා 100 නමක් මෙම උත්සවය සඳහා සහභාගී වීමට නියමිතය.

මෙරට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා දස ලක්ෂයක් බිහිකිරීම ඩීපී එඩියුකේෂන් ආයතනයේ ඉලක්කය වී ඇත.

ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් වැඩසටහන මගින් නොමිලේ ලබාදෙන පරිගණක පුහුණු පාඨමාලාවේ වටිනාකම රුපියල් ලක්ෂ 25 කි.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ අයිටී කැම්පස් ශාඛා 10ක සිසු සිසුවියන් 5000 කට හෙට (මැයි 19) දිනයේදී සහතික පත් පිරිනැමෙනු ඇත. ඔවුන් මෙම පාඨමාලාවේ සම්පූර්ණ කර ඇති අදියරයන් අනුව එහිදී පිරිනැමීමට නියමිත සහතිකපත් පාඨමාලාවල වටිනාකම රුපියල් මිලියන 3,000 කි.


WhatsApp Image 2024 05 18 at 14.45.07


ඩි පි එඩියුකේෂන් අයි ටි කැම්පස් - 136  
කුරුණෑගල ශ්‍රී පාලිත පිරිවෙණේ විවෘත වේ



ඩි පි එඩියුකේෂන් අයි ටි කැම්පස් - 136 වන මධ්‍යස්ථානය කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, නිකවැරටිය ශ්‍රී පාලිත විද්‍යායතන පිරිවෙනෙහිදී, ශ්‍රි ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක පූජ්‍ය ගලපිටියාගම විමලධම්ම නාහිමියන්ගේ සහභාගීත්වයෙන් ඊයේ (17) දින විවෘත කරන ලදී.

එම අවස්ථාවට 1000කට අධික පිරිසක් සහභාගිවී සිටියේය.


dammika
dammika1

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්