theleaderlk 01

තිස්වසරක යුද්ධය හේතුවෙන් උතුරේත් දකුණේත් මිය ගිය සහ අතුරුදන් වුණ සහෘද ජනතාව සිහිකරමින් ඔවුන් අනුස්මරණය කිරීමේ

වැඩ සටහනක් ඊයේ (17) කොළඹ 7,  විහාර මහාදේවී උද්‍යානයේදී පැවැත්විය.

උතුරත් දකුණත් වෙන් වෙන්ව සැමරීම් සිදුකිරීම නොව එක්ව මියගිය සියලු දෙනා අනුස්මරණය කිරීමත් තව දුරටත් දිනූ සාමය ආරක්ෂාකරගනිමින් එක් රටක එකමුතුවෙන් ජීවත්විම සම්බන්ධයෙන් මෙහිදී මූලිකකොටගෙන අවදානය යොමුකර තිබුණි.

ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනය, ගෝලීය දමිළ සංසදය, කොළඹ තරුණ බෞද්ධ සංගමයේ එක් ශ්‍රී ලංකාවක් කතිකාව, යාපනේ චෙල්වනායගම් පදනම, ධර්මශක්ති සංවිධානය, යහපත් ශ්‍රී ලංකාවක් සදහා සංඝ කතිකාව සහ තවත් සංවිධාන හා සිවිල් ක්‍රියාකාරීන් විසින් මෙම අනුස්මරණ උත්වය සූදානම් කරනු ලැබීය.

එහි ප්‍රධාන දේශන කොළඹ තරුණ බෞද්ධ සංගමයේ සභාපති මහේන්ද්‍ර ජයසේකර හා යාපනයේ චෙල්වනායගම් පදනමේ අධ්‍යක්ෂක එස් ඉලංකෝවන් යන අය විසින් සිදුකළ අතර ඔවුන් මුලික වශයෙන් තම අදහස් දක්වමින් පවසා සිටියේ තවදුරටත් එක් රටක පුරවැසියන් ලෙස ජීවත් සාමය ආරක්ෂා කරගන්නා ආකාරය ගැනය.

 මීට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් සුමන්තිරන්, පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ,සිරිපාල අමරසිංහ, සමාධී භාහ්මණ - ජාතික හරිත පෙරමුණ යන අයද මෙහිදී සිය අදහස් දැක්විය.

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නේවාසික කාර්යාලයේ සාමය හා සංවර්ධනය සදහා ප්‍රධාන උපදේශක පැට්‍රික් මැකාති විසින් රාජතාන්ත්‍රික මට්ටමින් සිය අදහස්  පළකළේය.  

මහා සංඝරත්නය, කතෝලික, හින්දු සහ ඉස්ලාම් පුජකවරු විශාල සංඛ්‍යාවක් සහ සුවිස් තනාපති හා කාර්ය මණ්ඩලය, ජපන් තානාපති කාර්යාලයේ නියෝජිතයෙක්, ඇමෙරිකාවේ තානාපති කාර්යාලයේ නියෝජිතයන් ඇතුළු පැමිණි සිටි උතුරේ සහ දකුණේ මව්වරුන් සහ ජනතාව එක්ව මියගිය අය අනුස්මරණය කරමින් පහන්  දල්වනු ලැබීය.

jjd334hjjk

jfhd77jhjdf

lkhdfr44tt



සබැඳි පුවත් :

Turning Point : යුද්ධයෙන් මළවුවන් සැමැරුමකට ආරාධනා

pe2024 2

worky sin

නවතම පුවත්