විවිධ සෞඛ්‍ය ගැටලු මතුවීම හේතුවෙන් පසුගියදා නැවත කැඳවීමට ලක් කළ AstraZeneca එන්නත මාත්‍රා 2,865,424 ක් පමණක්
2021 අගෝස්තු 24 වන විට මෙරටට ලැබී තිබුණු බව රාජ්‍ය බුද්ධි සේවය මගින් පරීක්ෂා කර නිකුත් කරන ලද වාර්තාවක් පෙන්වා දෙයි.
ඒ අනුව රටේ කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ AstraZeneca පළමු මාත්‍රාව 2021 ජනවාරි 29 සහ 2021 අප්‍රේල් 22 වන විට සම්පූර්ණ කරන ලද අතර ඒ සඳහා මාත්‍රා 1,335,262ක් යොදාගෙන තිබුණි.
මෙම වාර්තාවට අනුව AstraZeneca දෙවැනි මාත්‍රාව 2021 අප්‍රේල් 23 දින ලබා දීම ආරම්භ කරන ලද අතර මාත්‍රා 880,017ක් ලබා දී ඇත.
AstraZeneca එන්නත මුලින්ම ලද එන්නත වුවද රට තුළ බහුතරයකට ලබා ගැනීමට පහසුකම ලැබී තිබුණේ මාත්‍රා 15,700,000ක් ලැබී තිබූ Sinopharm එන්නත බව මෙම වාර්තාව පෙන්වා දී ඇත.
2021 අගෝස්තු 24 වන විට ශ්‍රී ලංකාව ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් නිර්දේශිත ප්‍රතිශක්තිකරණ මට්ටමට අවශ්‍ය පරිදි මාත්‍රා දෙකම ලබා දී තිබුණි.
(deshaya.lk - සුගත් කුලතුංගආරච්චි)