ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක හා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස අතර එම පක්ෂ දෙකෙහි ආර්ථික ප්‍රතිපත්ති

අතර විවාදය පිළිබඳව ජාතික ජන බලවේගයේ විසින් ලබාදුන් දිනය අදින් (මැයි 20) අවසන් විය.

එසේ හෙයින්, සමගි ජනබලවේගයට පෙර දැනුම් දුන් පරිදි ම 20 වෙනිදායින් පසුව එම විවාදය සිදු නොකරන බව ජාතික ජන බලවේගය පවසයි.

 අනුර කුමාර දිසානායක විසින් තමන් එම විවාදයට ඕනෑම දිනයක සුදානම් බව පවසා, සජිත් ප්‍රේමදාස ගෙන් ඔහුට පහසු දිනයක් දෙන ලෙස කොළඹ පැවති මැයි දින රැලියේදී විවෘත ආරාධනයක් කරනු බව පවසන ජාතික ජන බලවේගය, මැයි 20 දක්වා ඕනෑම දිනයක එම විවාදයට තමන් සුදානම් හෙයින් සජිත් ප්‍රේමදාස ට ඒ දක්වා ඕනෑම දිනයක් ලබාදිය හැකි බව අනුර කුමාර දිසානායක එහිදී පවසා සිටි බව කියා සිටියි.

එසේ නොවුනහොත් ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ විවාදයෙන් සජිත් ප්‍රේමදාස පැන ගිය බව තමන් විශ්වාස කරන බව දිගින් දිගටම පවසා සිටි බවද ජාතික ජන බලවේගය සිහිපත් කරයි.

විවාදය සඳහා දින ලබාදෙමින් සමගි ජනබලවේගය විසින් ජාතික ජනබලවේගයට යොමු කළ ලිපියේ දිනය 17 වෙනිදා ලෙස සඳහන් වුවත්, එම ලිපිය ලැබී තිබුනේ
ඊයේ (19දා) පස්වරුවේ බව ජාතික ජනබලවේගයේ විධායක සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස පවසයි.

සමඟි ජනබලවේගය විසින් විවාදය සඳහා විසිවනදායින් පසු දින හතරක් ලබාදී ඇති අතර, ඔවුන් පළමුව දින ලබාදී ඇත්තේ ආර්ථික කමිටු අතර විවාදයට වන බැවින් ඒ සඳහා ද ජාතික ජනබලවේගය එකඟ නොවන බව එම පක්ෂය සඳහන් කරයි.

පළමුව නායකයින් අතර විවාදය පවත්වා, අනතුරුව ආර්ථික කමිටු අතර විවාදය පැවැත්වීමට ජාතික ජනබලවේගය යෝජනා කර තිබුණි.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්