රට ගොඩනගන මානුෂීය මෙහෙයුමේ කොටස්කරුවන් වන ලෙස රණවිරුවන්ගෙන් විපක්ෂ නායකවරයා ඉල්ලා සිටි.
රටේ දේශපාලන අධිකාරිය නිවැරදි නායකත්වයක් ලබා දුන්නා නම්, රණවිරුවන් ත්රස්තයන්ගෙන් මුදවා ගත් අප රට සෞභාග්‍ය සම්පන්න රටක් බවට පත්වන බවත් දැනටත් රට මුදවා ගැනීමේ මෙහෙයුමක් ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කර ඇත.
මොනරාගල පැවැති සමගි රණවිරු බලවේගයේ 6 වැනි සමුළුව අමතමින් සමගි ජන බලවේග නායකයා මේ බව කියා සිටියේය.
හොරකම දුෂණය වංචාව ජාතික දේපල හා සම්පත් මහදවල් මංකොල්ලය, නාස්තිය වැනි විනාශය තුරන් කරන්නට රණවිරුවන් මැදිහත්විය යුතු බව ද හෙතෙම අවධාරණය කර තිබේ.
සමගි ජන බලවේග රජයක් තුළ ශක්තිමත් නීති පද්ධතියක් හරහා රට විනාශ කළ සියලු දෙනා අධිකරනය හමුවට ගෙනවිත් දඩුවම් දෙනවා සේම රටෙන් අහිමි වූ සම්පත් දේපල මුදල් නැවත රටට ලබා ගැනීමට අවශ්‍ය මානුෂීය මෙහෙයුම දියත් කරන බවයි විපක්ෂ නායකවරයා පවසන්නේ.
2019 ජනාධිපතිවරණ සමයේ සමගි ජන බලවේගය කෙටිකාලයක් තුළ රණවිරුවන් සමඟ සමාජ ගිවිසුමකට එළඹුණු බවත් එම සමාජ ගිවිසුම වඩාත් විධිමත්ව ක්‍රමවත්ව හා කාර්යක්ෂමව මෙන් ම සැලසුම් සහගතව දිස්ත්‍රික් මට්ටමින් රණවිරු සංවිධාන ගොඩනගා ඇති බවත් මේ වන විට රණවිරු සම්මේලන 6ක් පවත්වා ඇති බව ඔහු පැවසීය.
‘දිවිදෙන රණවිරු වැඩපිළිවෙළ’
රණවිරු ප්‍රජාවගේ යෝජනා අදහස් උදහස් ලබා ගෙන මේ මොහොතේ නව සමාජ සම්මුතියකට එළඹෙන බවත් එය ‘දිවිදෙන රණවිරු වැඩපිළිවෙළ’ ලෙස නම් කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා සිටියේය.
එමෙන්ම දිවිදෙන රණවිරු සංවිධානයේ අනන්‍යතාව ආරක්ෂා කිරිමට හැඳුනුම්පත් ලබා දෙන බවත් 88/ 89 කාලයේ මෙන්ම කොටි ත්රස්තවාදීන් සමග වූ යුද්ධයේදී අතුරුදහන් වූ අගහිගතාවන්ට මුහුණ දුන් පවුල් වෙනුවෙන් සුවිශේෂී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ද පැවසීය.
යුද්ධයේදී ආබාධිත රණවිරුවන් දැඩි අසාධාරණයට ලක්ව ඇති බැවින් ගෝඨාභය රාජපක්ෂ රජයෙන් ආබාධිත රණවිරුවන්ට දැඩි අසාධාරණයක් වූ නමුත් සමගි ජන බලවේග රජයක් තුළ ඒ යුතුකම් සියල්ල ඉටු කරනා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් සඳහන් කළේය.
(චතුරංග මේදිස්)