සුරාබදු දෙපාර්තමේන්තුවෙන් රජයට අය විය යුතු හිඟ බදු මුදල රුපියල් බිලියන 7ක් පමණ වන බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.


සුරාබදු නිලධාරීන් මත්පැන් නිෂ්පාදකයන්ගෙන් බදු අයකරගැනීමේදී සිදුවන අක්‍රමිකතා මග හැරීමට නම් සුරාබදු දෙපාර්තමේන්තුව සඳහා ගෙවීම පැහැර හරින මත්පැන් නිෂ්පාදකයන්ගෙන් බදු අයකරගැනීම විධිමත් කිරීමට නම් සුරාබදු දෙපාර්තමේන්තුව සඳහා ඩිජිටල් පද්ධතියක් හඳුන්වා දිය යුතු බව ඔහු කියා සිටියි.

මන්ත්‍රීවරයා එබව කියා සිටියේ, 'ඇඩ්වකාටා' ආයතනය ඉකුත් 17 වැනිදා කොළඹදී සංවිධානය කරන ලද විද්වත් කතිකාවක් අමතමිනි.

එහිදී අදහස් දැක්වූ ආචාර්ය හර්ෂ ද සිල්වා මෙසේ ද පැවසුවේය.

''සුරාබදු දෙපාර්තමේන්තුවට බදු අයකරගැනීම සඳහා විධිමත් ඩිජිටල් පද්ධතියක් නැහැ. ඔවුන් සාම්ප්‍රදායික ක්‍රමවේදයක් ඔස්සේ නිලධාරින් මගින් තමයි බදු එකතු කරන්නේ. පාඨලි මන්ත්‍රිවරයා සහ මම විවිධ පාර්ලිමේන්තු කමිටුවල ඉන්න නිසා මේ අය ගෙන්නලා කතා කරන්න අපිට පුළුවන් වුණා. පාඨලි මන්ත්‍රිවරයා සහ මම වතාවක් ගියා මත්පැන් ස්ටිකරය සම්බන්ධ තොරතුරු ලබාගන්න. එතනදී අපිට තේරුණා ඒක මහාපරිමාණ වංචාවක් කියලා. එතන තියන හොරකම සහ වංචාව අයින් කරන්න නම් මේ දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කළ යුතුයි.''

 


මහා පරිමාණයෙන් බදු පැහැර හරින පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතුයි - චම්පික රණවක 

මෙම කතිකාවට සහභාගි වූ එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික මෙසේ කියා සිටියේය.

''හර්ෂ ද සිල්වා මන්ත්‍රිවරයා සහ මම නියෝජනය කරන පාර්ලිමේන්තු කමිටුවලදී අපි පහුගිය වසරේ නොවැම්බර් මාසේ නියෝගයක් දුන්නා බදු නොගෙවන අයගේ බලපත් තහනම් කරන්න කියලා. ඉන්පස්සේ 6ක්ගේ මත්පැන් බලපත් තහනම් කළා.

ඉන් දවස් 4කට පස්සේ ඒ අය බදු ගෙවන්න ගත්තා. ආයේ දෙසැම්බර් මාසේ බදු ගෙවීම නතර වුණා. අණදීපු සුරාබදු කොමසාරිස්වරයත් ගෙදර යැව්වා, මාවත් ගෙදර යැව්වා. ඒ නිසා සුරාබදු දෙපාර්තමේන්තුව නීතිය තදින් ක්‍රියාත්මක කරනවා නම් බදු අයකරගැනීම කළ හැකියි.

මෙරට බදු ගෙවීම පැහැර හරින මහා පරිමාණයේ ව්‍යාපාරිකයන්ගේ සහ රාජ්‍ය ආයතනවල බදු අයකර ගැනීම සඳහා වන නීතිය තවදුරටත් දැඩිව ක්‍රියාත්මක කළ යුතු බව ඔහු අවධාරණය කර සිටියේය. 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්