රණවිරුවන්ට නැවත අභිමානයෙන් මහ මග ගමන් කිරීමට හැකි ව්‍යවසායකත්ව රාජ්‍යක් නිර්මාණය කල යුතුයි යැයි ව්‍යවසායක,

මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර ප්‍රකාශ කර තිබේ.

''අපි වෙනුවෙන් අපි'' රණවිරු මෙහෙවර සැමරුම් උත්සවයට සහභාගී වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

යුද්ධය නිසාවෙන් ආපස්සට ගොස් තිබු රටේ ඉදිරි ගමන නැවත ආරම්භ කළ හැකි වුයේ රණවිරුවන් විසින් යුද්ධය අවසන් කළ නිසාවෙන් බව ද මව්බිම පක්ෂයේ නායකයා පැවසීය.

“අපි හැමතිසේම මේ රට ඉස්සරහට ගිහිල්ලා නැවත පස්සට ඇවිල්ලා තමයි ආයේ පටන් ගත්තේ. කුරිරු යුද්ධය නිසා මේ රට වසර 30ක් පස්සට ගමන් කළා. මේ රටේ රණ විරුවන් අපි වෙනුවෙන් රට වෙනුවෙන් යුද්ධය අවසන් කර දුන් නිසා අපි වසර 30ක් ආපස්සට ගොස් හෝ රටේ ඉදිරි ගමන නැවත ආරම්භ කළා.  අද තරුණ වියේ පසුවන විශ්‍රාම යන රණ විරුවන් මේ රටේ අතරමං වන අකාරය ඔබ දන්නවා ඇති.  ඔවුන්ගේ ඉදිරි ජීවිතය පිළිබඳව සාධනීය සැලසුමක් ක්‍රියාත්මක වන්නේ නැහැ. ඒ අන්තින් අපි අසාධාරණ ජාතියක් බවට පත් වී තිබෙනවා.”

රණවිරුවාගේ අභිමානය සහ ඔවුන්ගේ සුබ සාධනය වෙනුවෙන් පැලැස්තර හෝ පටු දේශපාලන පොරොන්දු දීමෙන් වැලකී සිටිය බවයි මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර වැඩිදුරටත් පවසන්නේ.

(චතුරංග මේදිස්)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්