ගලගොඩඅත්තේ ඥානසාර ස්ථවිර වෙත ජනාධිපති සමාව ලබා දෙන්නැයි ඉල්ලා තෛයිනිකායික මහනාහිමිවරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමු කර තිබේ.


මෙම ස්ථවිරයන් පසුගිය කාලවකවානුව තුළ මෙරට සිංහල බෞද්ධ ජාතිකත්වය වෙනුවෙන් හඩ අවදි කරමින් කටයුතු කළ අතර ම සමාජය තුළ පැවති ඇතැම් අන්තවාදී ක්‍රියාකාරකම් පිළිබඳ ආරක්ෂක අංශ දැනුවත් කිරීමට ද පියවර ගනිමින් කටයුතු කර ඇති බවත්, ඒ තුළින් ලාංකේය සමාජය තුළ ව්‍යාප්ත වීමට ගිය ඇතැම් අන්තවායි බලවේගයන් වැළැක්වීමට රාජ්‍ය ආරක්ෂක අංශ වෙත සහයෝගයක් ලැබුණු බව නොරහසක් බවත් තෛයිනිකායික මහනාහිමිවරුන්ගේ නිවේදනයේ සඳහන්වේ.

ගලගොඩඅත්තේ ඤාණසාර ස්ථවිරයන්ගේ එම ක්‍රියා කලාපය සමාජයේ බොහෝ දෙනෙකුගේ ප්‍රිසාදයට ලක්වූ  අතර ම රට තුළ ජාතීන් අතර ඇති වීමට ගිය දැවැන්ත ගැටුම් වළක්වා ගැනීමට ද හේතු වූ බව නොරහසක් යයි ද මහ නාහිමිවරුන් පවසති. 

තවද 'එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ' සභාපති ධුරය ද දරමින් රට තුළ පොදු නීති පද්ධතියක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව පිළිබඳ රජයට අවශ්‍ය නිර්දේශ ලබා දීමට ගලගොඩ අත්තේ ඤාණසාර ස්ථවිර කටයුතු කර ඇති බවත්, ඒ අනුව ජාතික සමගිය මෙන් ම සමාජ සහයෝගය පිළිබඳ මනා අවබෝධයකින් එම ස්ථවිර තැන කටයුතු කර ඇති බව පැහැදිලි වනු ඇතිබවත් එම නිවේදනයේ සඳහන්වේ.

කරුණු එසේ හෙයින් මේ පිළිබඳ ජනාධිපතිවරයාගේ කාරුණික අවධානය යොමු කොට වෙසක් පුණ්‍ය මහෝත්සවය ද නිමිති කොට ගෙන ගලගොඩඅත්තේ ඥාණසාර ස්ථවිර වෙත ජනාධිපති සමාව ලබා දීමට කටයුතු කරන්නේ නම් මැනවැයි මහ නායක ස්වාමින් වහන්සේලා හීතධ්‍යාශයෙන් යුතුව ජනාධිපතිවරයා වෙත සිහිපත් කර සිටිති. 

අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක ස්ථවිර, අතිපූජ්‍ය වරකාගොඩ ධම්ම සිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතනාභිධාන මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහානිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක ස්ථවිර, ශ්‍රී ලංකා අමරපුර මහා සංඝසභාවේ සභාපති, අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති අභිධාන මහානායක ස්ථවිර සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමලාභිධාන ස්ථවිරයන් වහන්සේලාගේ අත්සනින් යුතුව එම නිවේදනය නිකුත්කර ඇත.  

එම ලිපිය පහත දැක්වෙයි.

gn 12
2016 වසරේ මාර්තු 30 වැනිදා මාධ්‍ය හමුවකදී කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයකින් ආගම් අතර අසමගිය ඇතිවන ආකාරයෙන් කටයුතු කළේ යැයි චෝදනා කරමින්  දණ්ඩ නිති සංග්‍රහයේ 295 වන වගන්තිය යටතේ අත්අඩංගුවට ගත් ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන්ට 2024.03.28 දින වසර හතරක සිර දඩුවමක් නියම කරන ලදී.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් සහ අසාද් සාලි විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ඥානසාර හිමිට එරෙහිව මෙම නඩුව පවරා තිබුණි.

වසර 4 ක සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමි ඇපමත මුදා හරින ලෙස උන්වහන්සේගේ නීතිඥවරු කරන ලද ඉල්ලීමක් කොළඹ මහාධිකරණය මේ වසරේ (2024) අප්‍රේල් 02 වැනිදා ප්‍රතික්ෂේප කළේය.

ඥානසාර හිමිට දඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විසින් මෙම තීන්දුව ලබා දෙනු ලැබීය.


සබැඳි පුවත් 
ඥානසාර හිමිගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්