ජනාධිපති උපදේශක මහාචාර්ය ආංශු මාරසිංහ එක්සත් ජාතික පක්ෂයේ මධ්‍ය සාකච්ඡාවකදී මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා සහ

මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ඉලක්ක කර කරන ලද චෝදනා හෙලා දකිමින් ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි විධායක අධ්‍යක්ෂ නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර ප්‍රශ්න කරන්නේ මහාචාර්ය ආංශු මාරසිංහ මෙසේ චෝදනා එල්ල කරනු ලබන්නේ කාගේ අවශ්‍යතාවයට ද අනුව යන්නයි.

“මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා  සහ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ඉලක්ක කර “මොලේ පරීක්ෂා කරගන්න” “වෙනත් දේශපාලන පක්ෂවලට  සහය වන ලෙස කටයුතු කරනවා” වැනි අභූත චෝදනා එල්ල කරන ලද්දේ උපදේශකවරයාගේ අවශ්‍යතාවයටද? එසේ නොමැති නම් අමුවේ මැතිවරණ නීති උල්ලංඝනය කරන ජනාධිපතිවරයාගේ වුවමනාවටදැයි අපි ප්‍රශ්න කර සිටිමූ.”

“කොහේ තිබෙන පළාත් පාලන මැතිවරණයක් ද” යනුවෙන් ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ප්‍රකාශ කරන උපදේශකවරයා, නෛතිකව තවමත් පළාත් පාලන මැතිවරණය වලංගුව පවතින බවත්, ඒ අනුව පළාත් පාලන මැතිවරණ නීතිය ක්‍රියාත්මක වන බවත් ප්‍රජා උපදේශක කමිටු හරහා පළාත් පාලන බල ප්‍රදේශයකට රුපියල් මිලියන දහයක මුදලක් වෙන් කිරීම සහ එම මුදල් ජූලි මාසයට පෙර වියදම් කිරීම සදාචාරාත්මක නොවන බවට මැතිවරණ කොමිසම සහ නිරීක්ෂකයන් විසින් පළ කරන ලද මතවලට ජනාධිපති උපදේශකවරයා සහ ඔහුගේ ප්‍රධානීන් උරණ වී ඇතැයි පෙනේනට තිබෙන බව නිවේදනයේ සඳහන් වේ.

වර්තමානයේ පළාත් පාලන මැතිවරණ  නීතිය ක්‍රියාත්මක වන තත්ත්වයක් යටතේ සහ ජනාධිපතිවරණයට පෙර සහල් බෙදා දීම, පළාත් පාලන ආයතනවල ප්‍රජා කමිටු පිහිටවීම ඇතුළු සියලු සංවර්ධන කටයුතු හිටපු පළාත් පාලන සභිකයන් හරහා සිදුකිරීම, උරුමය ඔප්පු බෙදා දීම, කඳුකර දශකය වැනි වැඩසටහන් සියල්ල  දේශපාලන අරමුණු වෙනුවෙන් ක්‍රියාත්මක වන බව ද ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය චෝදනා කරයි.

ජනාධිපති උපදේශක මහාචාර්ය  ආංශු මාරසිංහගේ අත්තනෝමතික මත ප්‍රකාශ කිරීම පිළිකුලෙන් යුතුව හෙලා දකින අතර මෙවැනි උපදේශකයන් පාලනය කිරීම ඔහුගේ පාලකයන්ගේ වගකීමක් වන බව ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර නිකුත් කළ නිවේදයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

(චතුරංග මේදිස්)
141FD012 850E 455A 9C9A 565100EDDA58

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්