ජාතික ජන බලවේගයට බලය ලබා දී අත්හදා බැලිම් කිරිමට හැකි තත්වයක රට නොමැති බව සුගීෂ්වර බණ්ඩාර ප්‍රකාශ කර තිබේ.


අනුර කුමාර පසුගිය දිනක රූපවාහිනි නාළිකාවට කියා සිටියේ වත්මන් ජනාධිපතිවරයා ගේ ක්‍රමයටම ආර්ථිකය ගොඩනංවන බව යැයි සුගීෂ්වර බණ්ඩාර කියා සිටියේ “අලුතින් හිතමු, ජාතික සාමූහිකය” සංවිධානය කළ “නොකළ යුත්තේ කුමක් ද” සංවාදයට එක්වෙමිනි.

“සිටියේ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පසුගිය දිනයක සහභාගි වූ රූපවාහිනී සාකච්ඡාවක දී විශේෂ අනාවරණයක් කළා. එතුමලත් මේ රටේ බලය ගත්ත දවසට ආර්ථිකය ගොඩදාන්නේ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කිව්ව වැල්පාලමෙන්ම ගිහින් කියලා. එතුමලත් මේ වැල්පාලමෙන්ම ඉදිරියට යනවානම් අපි මොකටද තවත් අත්හදා බැලීම් කරන්න ජාතික ජන බලවේගයට රටේ බලය දෙන්නේ, තවත් අත්හදා බැලීම් කරමින් ඉන්න පුළුවන් අවස්ථාවක ද මේ රට තියෙන්නේ, එහෙනම් ජනතාව තීරණය කරන්න ඕනේ වැල් පාලමෙන් රට එතෙර කරන්න අලුත් අත්හදා බැලීම් කරලා රට නැවතත් අගාධයට ඇද දමනවා ද කියලා. “

රෝහණ විජේවීර ජනතා විමුක්ති පෙරමුණ බිහිකරලීමත් සමග එදා සිටම ජවිපෙ රට, ජාතියට යහපතක් වෙන දෙයක් සිදු නොකර ඔවුන් කළේ උද්ඝෝෂණ, වර්ජන, විරෝධතා, පහරදීම්, තර්ජන, ඝාතනය කිරීම්, දේපළ විනාශ කිරීම් වැනි දේවල් යැයි ඔහු පැවසීය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර හා බස්නාහිර පළාත් සභා හිටපු අමාත්‍ය නිශාන්ත ශ්‍රී වර්ණසිංහගේ මූලිකත්වයෙන් සංවිධානය කර තිබූ මෙම කතිකාවේ දී ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න, ජවිපෙ හිටපු පා.ම. එස්. අමරසිංහ, නව ජනතා පෙරමුණ නියෝජ්‍ය නායක උපතිස්ස කුමාරතුංග අදහස් දක්වා තිබේ.

එසේම මෙම අවස්ථාවට මහා සංඝරත්නය, හින්දු, කතෝලික හා මුස්ලිම් පූජකවරුන්, හිටපු රාජ්‍ය අමාත්‍ය තාරානාත් බස්නායක, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු ආරාධිත අමුත්තන් හා ජනතාව විශාල පිරිසක් එක්ව සිටි බව සංවිධායකයෝ පවසති. 

sugha

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්