ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කළ යෝජනා පනතක් ලෙස එළෙඹෙන 22 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඇති අතර
එය සම්මත වීමෙන් පසුව කුමන රජයක් ඉදිරියේදී පත්වුවද එය වෙනස් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ 113 දෙනෙකුගේ කැමැත්ත අවශ්‍ය වන බව එක්සත් ජනරජ පෙරමුණු නායකයා බවයි.
එළෙඹෙන ජුනි මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයන් රැස්වී ශ්‍රී ලංකාවේ ප්‍රගතිය පිලිබඳ සමාලෝචනයක් සිදුකර තුන්වන වාරිකය ලබාදීම පිලිබඳ තීරණය කරනු ලබන අතර ඒ සමඟ ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකුව වැනි ආයතන මගින් මුදල් ප්‍රධානයන් ලැබීමට නියමිත බවයි පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.
ඒ සඳහා ශ්‍රී ලංකාව සිය විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය සපුරාගන තිබිය යුතු අතර ජනාධිපතිවරයා සිදුකළ යුත්තේ එම කාර්යය ඉටුකිරීම බව මන්ත්‍රීවරයා ඊයේ(19) දින එක්සත් ජනරජ පෙරමුණු මාතර දිස්ත්‍රික් කාර්යාලය විවෘත කිරීමට එක්වෙමින් පැවසීය.
ජනාධිපතිවරණය වළක්වන්න බැහැ
පළාත් පාලන මැතිවරණය කල් දැමූ ආකාරයෙන් ජනාධිපතිවරණය පැවැත්වීම වැලැක්විය නොහැකි බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා ව්‍යවස්ථානුකුලව සැප්තැම්බර් 17 වනදා සිට ඔක්තෝම්බර් 17 අතර කාලයේදී ජනාධිපතිවරණය අනිවාර්යෙන්ම පැවැත්විය යුතු බව අවධාරණය කරන ලදී.
මේ වනවිට කතා බහට ලක්ව ඇති පාර්ලිමේන්තුව විසුරුවීමේ ක්‍රියාදාමය පාර්ලිමේන්තුවේ 113 කගේ යෝජනා සම්මතයෙන් සිදුවීම කිසිදු ගැටලුවක් නොමැති බව ද ඔහු පැවසීය.
එහෙත් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් කරා යාම පිළිගත නොහැකි බව කී චම්පික රණවක මන්ත්‍රීවරයා එයට හේතු ලෙස ජනාධිපතිවරයා මහජන මතයෙන් පත්නොවිමත් ජනාධිපතිවරයා පත්වීමේදී දුන් පොරොන්දු කඩ කිරීමක් බවත් සඳහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කෝටි 5ක අල්ලසක්
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කෝටි 5ක අල්ලසක් ලබාදෙන බවට පැතිරයන කතාව පිළිබඳව අදහස් දක්වමින් චම්පික රණවක සඳහන් කළේ මෙය විමධ්‍යගත අරමුදල මගින් දශක ගණනවක් සංවර්ධන කටයුතු සඳහා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ට ලබාදෙන බවයි.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වීමෙන් පසුව එය නවතා දැමූ බවත් එම වසර 5ට අදාල මුදල් මේ වනවිට ලැබීම මෙම කට කතාවට මුල් වී ඇති බව හෙතෙම කියා සිටියේය.
එම මුදල් ලබාදීමේදී සපයා ඇති මාර්ගෝපදේශ අනුව එම සංවර්ධන කටයුතු සිදුකරනු ලබන්නේ ප්‍රාදේශීය සභා පළාත් සභා හරහා වන අතර එම පැතිර යන කතා සත්‍ය නොවන බවද පාඨලී චම්පික රණවක පවසයි.
නිදහස් අධ්‍යාපනය රටට ලබාදුන් සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර විසින් සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිණියගෙන් තමාට ජීවත්වීමට දීමනාවක් ලබාදෙන ලෙස සිදුකරනු ලැබූ ඉල්ලීමක් අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප ලබා දීම ආරම්භ වු බව ඉතිහාසය මතක් කරමින් එක්සත් ජනරජ පෙරමුණු නායකයා කියා සිටියේය.
එහි අරමුණ වූයේ රටට වැඩදායි වූ සියලු මන්ත්‍රීන් විශ්‍රාම ගැනීමෙන් පසුව ආරක්ෂා කර ගැනීම බව ඔහු සඳහන් කළේය.