theleaderlk 01

විවාදය සඳහා සජිත් ප්‍රේමදාස  දුන් දිනවලින් ජුනි 6  දිනය අනුර කුමාර දිසානායක භාරගත් බව ජාතික ජන බලවේගය පක්ෂයේ

විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසීය

ඔහු මෙසේ පැවසුවේ  මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමිනි.

ඒ අනුව සමග ජන බලවේගය විවාදයේ කටයුතු සූදානම් කිරීම සඳහා පත්කළ  නලින් බණ්ඩාර සමඟ ස්ථානය වේලාව විවාදයේ විෂය පථය ඉදිරියේදී සාකච්ඡා කර තීරණය කරන බව ජයතිස්ස සඳහන් කළේය.

පක්ෂ දෙකේ ආර්ථික කමිටු අතර විවාදය සඳහා මෙම මස 27 වැනිදා 31 වැනිදාත් අතර දිනයක්ද පක්ෂ නායකයන් අතර විවාදය සඳහා ජුනි 3 වැනිදාත් 7  වැනිදාත් අතර දිනයක් ලබා දුන් බව සමග ජන බලවේගය නිවේදනය කළේය
 

pe2024 2

worky sin

නවතම පුවත්