අද (20) සවස් කාලයේදී කොරෝනා වෛරසය වැළදුණු තවත් රෝගීන් දෙදෙනෙක් හමුවූ බව වසංගත රෝග විද්‍යා ඒකකයේ

ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ප්‍රකාශ කර සිටියි.

ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වන මුළු කොරෝනා වෛරස් රෝගීන් ගණන 72ක් වන බව ඔහු සඳහන් කලේය.

නව කොරෝනා වෛරසය හේතුවෙන් අද පස්වරුව වන විට වාර්තා වී ඇති මුළු රෝගීන් ගෙන් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ ගම්පහ ප්‍රදේශයෙන් බව සෞඛ්‍ය අංශ සඳහන් කර සිටියි.

ගම්පහ පදිස්ත්‍රික්කයෙන් මේ වන විට කොරෝනා වෛරස් රෝගීන් ගණන 18ක් වාර්තා වන අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 17ක් වාර්තා වේ.

තෙවනියට වැඩිම රෝගීන් ගණන පුත්තලම ප්‍රදේශයෙන් වාර්තා වන අතර එහි රෝගීන් ගණන 12ක් වාර්තා වේ. කුරුණෑගල සහ කළුතර දිස්ත්‍රික්කයෙන් මේ වන විට රෝගීන් සිව්දෙනා බැගින් වාර්තා වේ.

ඊට අමතරව රත්නපුර දිස්ත්‍රික්කයෙන් රෝගීන් තුනක් ද ගාල්ල, කෑගල්ල, මාතර, මඩකලපුව සහ බදුල්ල දිස්ත්‍රික් වලින් එක් රෝගියා බැගින් වාර්තා වේ.

 

වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධනටත් වෛරසය ආසාධනය වෙලා !

Image result for dr. priyankara jayawardena

ඒ අතර කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත්ව ප්‍රතිකාර ලබමින් සිටි මැක්ලරන්ස් (McLaren) සමාගමේ විධායක නිලධාරියකුට ද කොරෝනා වෛරසය අසාදනය වී ඇතැයි තහවුරු තිබේ. එසේම ඔහුට එම රෝහලේ දී ප්‍රතිකාර කළ විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධනට ද එම වෛරසය ආසාධනය වී ඇති අතර ඔහුව ද වහාම නිරෝධායනය ක්‍රියාවලියට යොමුකර ඇත.

වෛද්‍ය ප්‍රියන්ත ජයවර්ධන කොළඹ ප්‍රධාන පුද්ගලික රෝහල් කිහිපයකම ප්‍රතිකාර කරන අතර මෑත දිනවලදී ඔහුගෙන් ප්‍රතිකාර ලබාගත් රෝගීන් නිරෝධායනය වීම සුදුසු යයි සෞඛ්‍ය බලධාරීන් කියති.

මේ අතර ජාතික රුපවාහිනියේ වේශ නිරුපන ශිල්පියකුට ද වහාම නිරෝධායනයට යොමුවන්නැයි බලධාරීන් විසින් දැනුම් දී ඇත. එසේ නිරෝධායනයට යොමුකර ඇත්තේ, පසුගියදා රුපවාහිනියේ වෛද්‍ය අධ්‍යාපනික වැඩසටහනකට සහභාගිවූ වෛද්‍ය ප්‍රියන්ත ජයවර්ධනට සහය වූ වේශ නිරුපන ශිල්පියා ය.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්