theleaderlk 01

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිපාල පාර්ශවය හා අනුරයාපා - නිමල් ලන්සා කණ්ඩායම ප්‍රමුඛව පිහිටුවනු ලබන නව සන්ධානයේ ප්‍රථම රැළිය හා

ජනහමුව ලබන ජූනි මස 08 දා හම්බන්තොට දිස්ත්‍රික්කය පදනම් කර ගනිමින් අම්බලන්තොට මංසන්ධියේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මෙම ප්‍රථම ජන රැළිය කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර ගේ මෙහෙයවීමෙන් සංවිධානය කිරීමට පියවර ගෙන ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛව පිහිටුවීමට යෝජිත නව සන්ධානයේ පළමු රැළිය විශාල ජන සහභාගීත්වයකින් යුක්තව පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර ප්‍රමුඛ දේශපාලන පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් එම රැළියට සහභාගීවීමට දැනටමත් කැමැත්ත පළ කර ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පවසයි. 

නිමල් සිරිපාල ද සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේමජයන්ත, දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න, නලින් ප්‍රනාන්දු, එස් විලේන්ද්‍රන්, නිමල් ලන්සා මෙම ජන රැලිය ඇමතීමට නියමිතය. 

නව සන්ධානයේ දෙවන රැලිය ජුනි 28 වැනිදා මොනරාගලදී පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර විසින් එය සංවිධානය කරනු ලබයි. 

pe2024 2

worky sin

නවතම පුවත්