theleaderlk 01

මහා පරිමාණ මත්පැන් නිෂ්පාදන සමාගම් වලින් සන්තෝසම් ලබාගෙන හිඟ බදු මුදල් අයකර ගැනීම ප්‍රමාද කරන බවට එල්ලවන චෝදනා තරයේ

ප්‍රතික්ෂේප කරන බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි ප්‍රකාශ කරයි. 

මහා පරිමාණ නිෂ්පාදන සමාගම් වලින් රුපියල් බිලියන හතක් (රුපියල් කෝටි හත්සීයයක්) අයකර ගැනීමට ඇතැයි ප්‍රකාශ කළද ඒවා අතර බොහොමයක් නොගෙවා පැහැර හැරි බදු මුදල් නොව, මෙයට වසර පහළොවත් විස්සත් අතර කාලයක සිට හිඟව පවතින මුදල් බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා කීය.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අප කළ විමසීමකදී පිළිතුරු ලබාදෙමින් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා මෙම පැහැදිලි කිරීම සිදු කළේය.

''ගෙවිය යුතු හිඟ බදු මුදල් රුපියල් බිලියන 6.9ක් බව සඳහන් වෙනවා. ඉන් රුපියල් බිලියන 5.4ක් අවුරුදු දහයකට වඩා වැඩි කාලයක් තිස්සේ නොගෙවූ බදු මුදල්. තවත් රුපියල් බිලියන 1.2ක් අවුරුදු පහළොවට වඩා වැඩි කලක සිට නොගෙවා තිබෙන මුදල්. ඒ අනුව වසර 2023 වන විට ගෙවිය යුතු හිඟ මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 1.1ක්. මෙම හිඟ මුදල් වලින් 2024 මේ වන විට රුපියල් මිලියන 375.8ක් අයකර ගෙන තිබෙනවා. ඒ අනුව මේ වසරේ ආයතන පහක් අප සමග ගිවිසුම් ගතව තම හිඟ මුදල් ගෙවීමට කටයුතු කරමින් සිටිනවා. ඒ ප්‍රමාණය සත්‍ය ලෙසම රුපියල් මිලියන 770කි. ඒවා අයකර ගැනීම සම්බන්ධයෙන් කාලවකවානු සහිතව ගිවිසුම් ගතව මේ වන විට එම මුදල් අයකර ගැනීමට කටයුතු යොදා ඇතැයි කොමසාරීස් ජනරාල්වරයා කීය.

මෙම හිඟ මුදල් අයකර ගැනීම සම්බන්ධයෙන් මහජනතාවගේ සිත් තුළ අප දෙපාර්තමේන්තුව කෙරෙහි වැරැදි චිත්‍රයක් මතුවන ආකාරයේ චෝදනා නැගෙනවා. ඔවුන් කියන්නට උත්සහ කරනුයේ මහා පරිමාණ සුරාබදු නිෂ්පාදන සමාගම් වලින් අය විය යුතු බදු අය නොකර සිටීමට අප දෙපාර්තමේන්තුවේ අය සන්තෝසම් ලබාගන්නා බවයි. එමෙන්ම මෙසේ අයවිය යුතු මුදල් නිසි ලෙස අය කර ගතහොත් මහජනතාව මත පරිප්පු, සීනි, අල, පිටි ආදිය මත පැටවී ඇති බදු බර අයකර ගත හැකි බවයි.

 

නමුත් සැබෑ ලෙසම අයකර ගැනීමට තිබෙන හිඟ බදු සියල්ල අයකර ගත්තත් රුපියල් බිලියන 1400ක වැට් බදු ආදායමක් තරම් මුදලක් සොයා ගත නොහැකියි. වසරකට අප වැට් බද්දෙන් රුපියල් බිලියන 1400ක් බලාපොරොත්තු වෙනවා. මේ සා මුදලක් මත්පැන් සමාගම්වල හිඟ බදු ලෙස නැහැ. වසර 2023 වන විට එය පැවතියේ රුපියල් බිලියන 1.1ක් ලෙසයි. මේ මුදලද අය කර ගැනීමට අප අධික නිලධාරී හිඟයක් තිබියදීත්, භෞතික සම්පත් හිඟව තිබියදීත් කටයුතු කර තිබෙනවා. නඩු පැවරීම් ඔස්සේ රුපියල් බිලියන 3.95ක් අයකර ගැනීමට අදාළව නඩු කටයුතු පවත්වාගෙන යනවා. ඒවාත් අවසානාත්මක සහ තීරණාත්මක අදි පදනමකයි පවත්වාගෙන යන්නේ. බදු ගෙවීම සම්බන්ධව ක්‍රියා කළ යුතු ආයතනත් අධිකරණයේදී විවිධ තර්ක විතර්ක ගොඩනගනවා ඒවාටත් පිළිතුරු ලබාදෙමිනුයි දෙපාර්තමේන්තුවක් ලෙස අප හැකිතරම් බදු ආදායම් එක් රැස් කිරීමට කටයුතු කරන්නේ.

 

මේ  සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක්වූ ඔහු රුපියල් බිලියන 6.9න්  හිඟ බදු මුදල් වනුයේ රුපියල් බිලියන 03කි. ඉතිරි රුපියල් බිලියන 3.9 දඩ මුදල් සහ අධි භාරයන් වේ.  අධි භාරය නොගෙවා සිටියහොත් සෑම මසකට 3% බැගින් වසරකට 36%ක පොලී මුදලක් ගෙවීමට සිදු වෙනවා. මේ අනුව බැලූ විට පැහැර හැර ඇති බදු මුදල් අයකර ගැනීමට නිලධාරීන් කටයුතු නොකරන බවට තදබල මිත්‍යාවක් සමාජගත කිරීමට පිරිසක් උත්සහ කරනවා. ඒ වගේම නිලධාරීන්ට චෝදනා කිරීමට කටයුතු කරමින් සිටිනවා. මෙම මිත්‍යාව පරාජය කිරීමට අප සියලු තොරතුරු නිවැරැදි ලෙස ජනතාවට ලබා දෙනවා. ජනමාධ්‍යයේ කාර්ය භාරය එම තොරතුරු ජනගත කිරීමට වග බලා ගැනීම යැයිද එම්.ජේ.ගුණසිරි මහතා අවධාරණය කළේය.

(ජේ. මුණසිංහ)

සබැඳි පුවත :

සුරාබදු දෙපාර්තමේන්තුව රජයට රුපියල් බිලියන 7ක් ණයයි

 

pe2024 2

worky sin

නවතම පුවත්