theleaderlk 01

ජනාධිපතිවරයාගේ සංදර්ශන න්‍යායට විරෝධය පළ කර තුන් ලක්ෂයක් රාජ්‍ය සේවයෝ පාරට බහින්න සුදානමින් සිටින බව

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් ප්‍රකාශ කර තිබේ.

“හෙද හෙදියෝ 35000ක්, සරසවි අනධ්‍යන කාර්ය මණ්ඩලය 13000ක්, ග්‍රාම නිලධාරීන් 14000ක්, විධායක නිලධාරීන් 18,000ක්, සංවර්ධන නිලධාරීන් 16000ක්, ගුරු විදුහල්පතිවරු ලක්ෂයක්, සෞඛ්‍ය වෘත්තීය සමිති හැත්තෑ දෙකකින් එක් ලක්ෂ විසි දාහක් විතර, බහින්න යනවා.” යැයි අද (21) පැවති මාධ්‍ය හමුවක දී ඔහු කියා සිටියේය.

ජනාධිපතිවරයා විසින් පළාත් පාලන ආයතන වල නාමයෝජනා අහෝසි කර ගමේ පොහොට්ටු මන්ත්‍රීවරුන් නැගිට්ට වීමට උත්සාහා ගන්න බවටයි මන්ත්‍රීවරයා චෝදනා කරන්නේ.

“ජනාධිපතිතුමා මැතිවරණය ඉලක්ක කරගෙන තමන්ට තව චාන්ස් එකක් ගන්න පුළුවන්ද බලලා තමයි හැමදේම කරන්නේ. ගිය සතියේ කැබිනට් මණ්ඩලයට උපදෙස් දීලා තියෙනවා පළාත් පාලන ආයතන වල නාමයෝජනා අහෝසි කරන්න පුළුවන්ද කියලා බලන්න. පෞද්ගලිකව මම මේකට එකඟ වුණාට මේක දේශපාලන සන්දර්භයක්. ප්‍රජා කමිටු කියලා පරණ පොහොට්ටු සභාපතිලා ඒ ඒ පළාත් පාලන ආයතන පාලනය කරන්න පත්කරන වැඩපිළිවෙලක් මේ ජනාධිපතිතුමා ගෙනිච්චා . මේකට circular එකක් issue කලා. එතකොට ග්‍රාමීය පොහොට්ටු නායකයන් නැවත නැගිටිනවා. UNP නායක රනිල් වික්‍රමසිංහ විසින් ප්‍රාදේශීය පොහොට්ටු නායකයින්ව නැවත දේශපාලනිකව නැගිට්ටවනවා. රට බං කලොත් කරපු රාජපක්ෂලාව බේරගත්තා වගේ. හැංගිලා හිටපු පොහොට්ටුවන්ව එළියට අරගෙන චණ්ඩිපාට් දාන්න අවස්ථාව දුන්නා වගේ.”

ජනාධිපතිවරයාට අවශ්‍ය ආකාරයට රටේ නීතිය වෙනස් කිරිමට හෝ දේශපාලන වාසිය සඳහා දේවල් වෙනස් කිරිමට ඉඩ ලබා දිය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් වැඩිදුරටත් කියා සිටියේය. 

 

 
 
 

pe2024 2

worky sin

නවතම පුවත්