theleaderlk 01

අඩු ආදායම්ලාභී පවුල් 50,000කට හිමිකම් ඔප්පු ලබා දීමේ වැඩපිළිවෙල යටතේ නිවාස වල පූර්ණ අයිතිය පැවරීමේ දී

මුල් ප්‍රතිලාභියා මරණයට පත්ව ඇත්නම් දැනට නිවසේ පදිංචි ඔහුගේ උරුමකරුවන්ට හිමිකම් ඔප්පු ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

නාගරික සංවර්ධන හා නිවාස ඇමති ප්‍රසන්න රණතුංග විසින් ඉදිරිපත් කරනු ලැබූ කැබිනට් පත්‍රිකාවට අනුව කැබිනට් මණ්ඩලය මෙම තීරණයට එළඹ තිබේ.

හිමිකම් ඔප්පු ලබා දීමේ දී වැය වන නොතාරිස් ගාස්තු, මුද්දර හා වෙනත් බදු වලින් නිවාස හිමියන් නිදහස් කිරීමට ද කැබිනට් අනුමැතිය හිමි වෙයි.

ඒ අනුව අදාළ නොතාරිස් ගාස්තු, මුද්දර හා වෙනත් බදු මුදල් මහා භාණ්ඩාගාරය විසින් දැරීමට නියමිතයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2024 අයවැය යෝජනා මගින් නාගරික නිවාස හිමිකම යටතේ අඩු ආදායම්ලාභී නිවාස හිමියන් 50,000කට නිවාස හිමිකම් ඔප්පු ලබා දීමට යෝජනා කර තිබිණි.

(lankadeepa.lk - අංජුල මහික වීරරත්න)

pe2024 2

worky sin

නවතම පුවත්