කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම අවසන් වන තුරු රට තුළ හමුදා පාලනයක් හෝ ඒකාධිපති පාලනයක් අවශ්‍ය බව

හිටපු රාජ්‍ය ඇමති කාංචන විජේසේකර පවසයි.

ඒ ආකාරයෙන් හෝ රටේ විනය ඇති කළ යුතු බව තම පෞද්ගලික ප්‍රාර්ථනාවද ඔහු සඳහන් කරයි.

කාංචන විජේසේකර මේ බව සඳහන් කරන්නේ තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමිනි.

ඇතිවී තිබෙන කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් අදහස් පල කරමින් ඔහු මෙම යෝජනාව සිදු කර ඇත.

 

රජය, විපක්ෂයේ සහය තවමත් ප්‍රතික්ෂේප කරලා !

හිටපු රාජ්‍ය ඇමති කාංචන විජේසේකර මෙසේ පවසන්නේ කොරෝනා වෛරසය පාලනය කිරීමට විපක්ෂයේ නායකයින් ආණ්ඩුවට සහයදීමට ඉදිරිපත්ව සිටින මොහොතකය.

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය රට පුරා ව්‍යාප්තවීම වැළැක්වීම සදහා පරිපූර්ණ ඒකාබද්ධ සැලැස්මක් සකස් කිරීමට රජය මෙතෙක් කටයුතු කර නොමැති බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඊයේ (20) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

මෙම තත්ත්වය මත පක්ෂ නායක රැස්වීමක් කැඳවන මෙන් ඉල්ලාසිටිය ද රජයෙන් ඊට මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බව රනිල් වික්‍රමසිංහ නිකුත් කළ නිවේදනයේ සදහන් වේ.

 

දේශපාලන වුවමනාවන් පසෙකලා කටයුතු කළ යුතුයි - සජිත්

මේ මොහොතේ සියලු දෙනා දේශපාලන වුවමනාවන් පසෙකලා කටයුතු කළ යුතු බව සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ද ඊයේ පැවති මාධ්‍ය හමුවක දී කියා සිටියේය.

මැතිවරණයක් පැවැත් වීමට නොව මිනිසා ජීවිත් කර විය යුතු කාලයක බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

 

යුද්ධ කළා වගේ වෛරස් නසන්න බැහැ - මංගල කියයි

මේ අතර හිටපු අමාත්‍ය මංගල සමරවීර පවසන්නේ, කොවිඩ් 19 වෛරසය පාලනය සඳහා වන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානියා ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිර්දේශය මත වෛද්‍ය ක්ෂේත්‍රයේ දක්ෂයකු පත්කිරීම වඩාත් සුදුසු බවයි.

එහිදී ගනු ලබන තීන්දු හා තීරණ හමුදාව හා පොලිසියේ සහය ඇතිව ක්‍රියාත්මක කිරීම වඩාත් පලදායක බව ඔහුගේ අදහසයි.

ත්‍රස්තවාදය මැඩලීමට යුද්ධ කලාක් මෙන් මෙවැනි භයානක වෛරසයක් මැඩලිය නොහැකිබව පවසන මංගල සමරවීර හිටපු ඇමතිවරයා, ඒ සඳහා වෙනයම් වූ ක්‍රමෝපායන් යොදාගත යුතු බවද කියා සිටියි.

ඔහු මෙම කරුණු සඳහන් කර ඇත්තේ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමිනි.

 mangala twite

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්