රුසියාවෙ වාග්නර් කුලී හමුදාව වෙඩි තියන්න එලවද්දි අනූ නවයෙන් දිවි බේරගෙන, අතේ සත පහක් නැතුව බොන්න වතුර පොදක් නැතුව මනෝජ් වික්‍රමරත්න ලංකාවට ආපු කතාව ත්‍රාසජනක චිත්‍රපටියක් වගේ.


ආපු දවසෙ ඉඳල මනෝජ්  කළේ තමන් එක්ක රුසියාවේ යුද්ධයට අහුවුණ සහෝදර සෙබලුන්ගෙ ජීවිත බේරගන්න උත්සහ කිරීම.

මාත් එක්ක මේ සාකච්ඡාව කරන වෙලාවෙත් මනෝජ් යුක්‍රේනයේ දනෙත්ස්ක් (Donetsk) නගරයේ රෝහල්ගත වෙලා ඉන්න ශ්‍රී ලාංකිකයින් පිරිසක් වෙනුවෙන් කැප වෙලා වැඩ.

කොහොම වුණත් තමන් එක්කම කඳවුරෙන් පැන්න අනිත් දෙන්න ගැන විතරක් නෙවෙයි එතන හිටපු ලාංකිකයො දස දෙනා ගැනම මාර්තු 14 වෙනිද ඉඳල කිසිම ආරංචියක් නෑ කියල මනෝජ් වේදනාවෙන් මා එක්ක කිවුව.

ඒත් විශ්‍රාමික මේජර් ජනරාල් කෙනෙක් ඇතුලු ජාවාරම්කාරයො කිහිප දෙනෙක්ම දැන් අත්අඩංගුවෙ ඉන්නෙ මනෝජ් ගෙ සාක්කිය නිසා. ආණ්ඩුවත් දැන් මේ  ජාවාරම වලක්වන්න වැඩකරන්නෙත් ඔහුගෙ උත්සහයෙ ප්‍රතිඵලයක් විදියට.

රුසියාවට යන්න වියදම් කරපු ලක්ෂ ගාණකුත් නැති කරගෙන, අතේ සතේ නැතුව ලංකාවට ඇවිත් මනෝජ් මේ සේරම කරද්දී ඔහු තාමත් රැකියා විරහිතයෙක්. ඔහු හමුදාවෙ විශේෂ බලකායෙ හිටපු දක්ෂ වෙඩික්කාරයෙක්. 

මේ වගේ අවංක, අනෙකාගෙ දුක දැනෙන, දක්ෂ මිනිස්සු රට පටවන්නෙ නැතුව රටට සේවයක් කරන්න යොදාගන්න ආණ්ඩුව වැඩපිළිවෙළක් හදනව නම් කොයිතරම් කදිමද?

ජාවාරම්කාරයො ගැන මනෝජ් කියන කතාව ඊලඟ වීඩියෝවකින් ගෙන එන්නම්.

(සරෝජ් පතිරණ)
BBC හිටපු මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්