ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ ගේ ඉල්ලීම මත වෙසක් දිනය නිල ලෙස පිළිගන්නා බවට වන නිවේදනය නිකුත් කිරීමට

වොෂින්ටන් DC නගරාධිපතිනි මියුරියල් බවුසර් කටයුතු කර තිබේ.

ඇමෙරිකාවේ අගනගරය මෙන්ම ලෝක දේශපාලන ආර්ථික හා ආරක්ෂාවට අදාළ තීන්දු ගන්නා මර්මස්ථානය ලෙස සැලකෙන වොෂින්ටනය තුළ එම පසුබිම ඇතිවීම එරට වෙසෙන මිලියන 03 ක හා මිලි 550ක ලෝක බෞද්ධයන් ලැබූ විශාල ගෞරවයක් ලෙස සැලකේ.

"බුදු තෙමගුල සමරණ එම අති උතුම් වෙසක් දිනය වොෂින්ටන් තුළ නිල දිනයක් ලෙස නගරාධිපතිනිය ලෙස ප්‍රකාශයට පත් කරමි" වොෂින්ටන් DC නගරාධිපතිනි නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

එමෙන්ම මෙරට තානාපතිවරයාගේ යෝජනාවක් මත ඇමෙරිකානු ජනපති නිල නිවස ධවල මන්දිරයේදී දෙවන වරටත් මෙම 23 දා වෙසක් නිල සැමරුම පැවත්වීමට කටයුතු යොදා තිබේ.

නගරාධිපතිනි බවුසර්  හා ප්‍රධාන ලේකම් කිම්බර්ලි බැසෙට් වෙනුවෙන් ජාත්‍යන්තර කටයුතු අධ්‍යක්ෂ ඇන්තනි ඇන්ඩෲස් අදාළ නිල වෙසක් නිවේදනය ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී තානාපති මහින්ද සමරසිංහ හට බාරදුන් අතර එයට තානාපති නිළධාරීන්ද ඊට එක්වූහ.

(චතුරංග මේදිස්)

DC vesak

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්