මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් 'අවුරා ලංකා' සභාපති විරංජිත් තාඹුගල ලබන 27 දක්වා රිමාන්ඩ් බාරයේ

තබන්නැයි කොළඹ කොටුව අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා පතිරාජ නියෝග කළාය.

රුපියල් රුපියල් මිලියන 70ක මූල්‍ය වංචාවක් සම්න්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය සැකකරු රිමාන්ඩ් බාරයට පත් කළාය.

LPL තරගාවලියේ 'දඹුල්ල' කණ්ඩායමේ මෙවර හිමිකරුත් රිමාන්ඩ්

පසුගිය වසරේ පැවති ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ 'දඹුල්ල අවුරා' කණ්ඩායමේ හිමිකරු ලෙස කටයුතු කළ 'අවුරා ලංකා 'සමාගමේ සභාපති විරංජිත් තාඹුගල මෙම වසරේදී එම කණ්ඩායමේ හිමිකාරිත්වයෙන් ඉවත් විය.

LPL ක්‍රිකට් තරගාවලියේ මෙවර දඹුල්ල කණ්ඩායමේ නව හිමිකරුවන් ලෙස ඉම්පීරියල් ස්පෝර්ට්ස් ගෘප් සමාගම ගිවිසුම් ගතවිය. එම සමාගමේ සම හිමිකරුවන් වන්නේ බංගලාදේශ ජාතිකයින් වන තමීම් රෙහෙමාන් සහ ගලාම් රාකීබ් වේ.

මේ අතර තමීම් රෙහෙමාන් අද ( මැයි මස 22) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හරහා විදේශගත වීමට යාමේදී ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ අංශය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 31 වෙනිදා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කරනු ලැබීය.

LPL 2024 ක්‍රීඩක වෙන්දේසියේදී තරග පාවාදීමට ක්‍රීඩකයින්ට යෝජනය කිරීම පිළිබඳව ඔහුට චෝදනා එල්ලවී තිබිණ.

 සබැඳි පුවත් :
LPL තරගාවලිය : 'දඹුල්ල තන්ඩර්ස්' කණ්ඩායමේ හිමිකරු රක්ෂිත බන්ධනාගාරයට



 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්