ජපානයේ ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය හෙවත් ජයිකා ආයතනය වෙනුවෙන් උපදේශන කාර්යයක් ඉටු කිරීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ

සංගමයට ලැබුණු ව්‍යාපෘතිය නිසි ක්‍රියාදාමය අනුගමනය නොකර මුදල් ලබා ගැනීම නිසා, දූෂණයක් සිදුවී ඇත්තේ දැයි සොයා බලා වාර්තා කිරීමට, ජනාධිපති නීතිඥවරුන් පස් දෙනෙකුගෙන් යුක්ත කමිටුවක් පත් කිරීමට පසුගියදා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිත සමුළුව හෙවත් බාර් කවුන්සිලය තීරණය කළේය. 

ඒ මැයි 18 වැනි සෙනසුරාදා පවැති බාර් කවුන්සිල රැස්වීමේදීය.

එහිදී පත්කරන ලද්දේ ෆයිස් මුස්තාෆා, කේ. කනගීඊශ්වරන්, ඉක්‍රම් මොහොමඩ්, ජෙෆ්රි අලගරත්නම් හා රියෙන්සි අර්සකුලරත්න යන ජනාධිපති නීතිඥවරුන්ගෙන් යුත් කමිටුවකි. විමර්ශනය සඳහා මාස දෙකක කාලයක් කමිටුවට ලබාදී තිබේ.

ජයිකා ආයතනය, අල්ලස හා දූෂණය සම්බන්ධයෙන් උපදේශන සේවා ව්‍යාපෘතියක් සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමයට රුපියල් මිලියන 21 ක මුදලක් ලබාදී ඇති අතර. ඒ ව්‍යාපෘතිය සඳහා නීතිඥ සංගමයෙන් එහි සභාපති ජනාධිපති නීතිඥ කෞශල්‍ය නවරත්න, උප සභාපති නලින් ද ඉන්දතිස්ස, ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු සහ තවත් කනිෂ්ඨ නීතිඥවරයකු හා නීතිඥවරියකගෙන් සමන්විත කණ්ඩායමක් ඉදිරිපත් වී ඇත. 

කනිෂ්ඨ නීතිඥවරයා හා නීතිඥවරිය, ප්‍රකට ජනාධිපති නීතිඥවරුන් දෙදෙනකුගේ දියණිය හා පුත්‍රයා වෙති.

 

මේ මුළු ක්‍රියාවලියම, නීතිඥ සංගමයේ විධායක සභාවට දැන්වීම ඇතුළු නිසි ක්‍රියාදාමය අනුගමනය නොකර, තමන් විසින්ම පත්කරගන්නා ලද පුද්ගලයන් කණ්ඩායමක් හරහා කරන ලදැයි නීතිඥ ප්‍රජාවගෙන් චෝදනා එල්ල විය. ව්‍යාපෘතියේ මුදලින් මිලියන 19ක් කණ්ඩායමේ සාමාජිකයන් අතර බෙදාගෙන ඇති බවද තවදුරටත් සඳහන් විය. 

 

කෙසේ වෙතත්, කණ්ඩායමේ සාමාජිකයන් දෙදෙනකු තමන් ලබාගත් මුදල් 'පරිත්‍යාග ලෙස දක්වමින් නීතිඥ සංගමයට පසුව බාර දී තිබේ.

පසුගිය සෙනසුරාදා පැවැති බාර් කවුන්සිල රැස්වීමේදී, විමර්ශන කමිටුව පත්කිරීමට අමතරව, කණ්ඩායමේ ඒ ඒ සාමාජිකයා ලබාගත් මුදල් වහාම නීතිඥ සංගමයට බැර කරන ලෙස නියම කරන ලද අතර, එම විමර්ශනයට අදාළ කිසිම කටයුත්තක මූලාසනය ගැනීමෙන් නීතිඥ සංගමයේ සභාපතිවරයා වැළකිය යුතුයැයිද නියම කරන ලද බව වාර්තාවෙයි.

anidda.lk - අරුණ ජයවර්ධන)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්