හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ සූරින්ගේ 134වන ජන්ම දින සමරුව නිමිති කරගනිමින් ශ්‍රී ලංකා ජාතික පුස්තකාලයේ ප්‍රතිෂ්ඨාපිත

මාර්ටින් වික්‍රමසිංහ ජන ලේඛන එකතුව සහ කෞතුකාගාරය ජනගත කිරීම 2024 මැයි මස 29වන දින පෙරවරු 10.00ට ජාතික පුස්තකාල හා ප්‍රලේඛන මණ්ඩලයේ දී සිදු කෙරේ.

මෙදින ප්‍රධාන අමුත්තා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහභාගි වන අතර අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත ද සහභාගි වීමට නියමිත ය.

මෙම අවස්ථාවේ දී ‘‘පොත් කියවා පොත් ලිවීම: මාර්ටින් වික්‍රමසිංහ සූරින්ගේ ආදර්ශය’’ යන මැයෙන් වූ ප්‍රධාන දේශනය පවත්වනු ලබන්නේ මහාචාර්ය ජයදේව උයන්ගොඩ විසිනි.

‘‘මා දුටු මාර්ටින් වික්‍රමසිංහ: මාර්ටින් වික්‍රමසිංහ ජන ලේඛන එකතුව හා කෞතුකාගාරය’’ යන මැයෙන් යුත් ආරාධිත දේශනය පවත්වනු ලබන්නේ මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ සභාපති දයාපාල ජයනෙත්ති විසිනි.

(ජයසිරි අලවත්ත)

IMG 20240524 WA0000

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්