theleaderlk 01

නව තාක්ෂණය උපයෝගී කර ගෙන රටක් දියුූණු වනවා සේම සහෝදර්වය සංහිඳියාව ඇති කර විනයානුකූල සාරධර්මවලින් යුත් රටක් හා සුචරිතවත්

සමාජයක් නිර්මාණය කළ හැකි බව විපක්ෂ නායකවරයා පවසයි.

කොළඹ ගංගාරාම විහාරය කේන්ද්‍ර කර ගෙන පැවැති වෙසක් කලාපය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඒ බව කියා සිටියේය.

මෙහි දී ශ්‍රී ලංකාවේ පළමු වරට ඒ.ආර් තාක්ෂණය (Augmented Reality) භාවිතා කරමින් නිර්මාණය කළ සිදුහත් උපත ත්‍රිමාණ සජීවිකරණ අත්දැකීම විපක්ෂ නායකවරයාගේ ඇගයීමට ලක්විය.

කොළඹ ගංගාරාම විහාරස්ථානය ආශ්‍රිත ‘බුද්ධ රශ්මි’ වෙසක් කලාපය ඊයේ (24) දිනයේ විවෘත කරනු ලැබුවේ අගමැති දිනේශ ගුණවර්ධන සහ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස විසිනි.

ධාතු කරඬුව වැඩමවීම විපක්ෂනායක ජ්‍යෙෂ්ඨ උපදේශක ලක්ෂ්මන් ෆොන්සේකා විසින් සිදුකරනු ලැබිය.

(චතුරංග මේදිස්)


budha rashmi

budha rashmi1
 
budha rashmi3
 
budha rashmi4
 

pe2024 2

worky sin

නවතම පුවත්