රටේ ඒකීයත්වය ආරක්ෂා කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගෙනගිය වැඩපිළිවෙළට එරෙහිව රට තුළ බරපතල කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ බව එම පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පවසයි.


ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කලාවැව ආසන රැළිය අමතමිනි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන මට්ටමින් සංවිධාන කරන ජනරැළි මාලාවේ පළමුවැන්න ලෙස කලාවැව ආසනයේ රැළිය ඊයේ (26)  පැවැත්වුණේ අනුරාධපුර තලාව නගරයේදීය.

පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් රැළිය සංවිධාන කර තිබිණ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තොරතුරු ඇතුළත් අන්තර්ජාල යෙදවුමක් හඳුන්වා දීම ද මෙහිදී සිදුවිය.

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්