මියන්මාරයේ පරිගණක අපරාධකරුවන් විසින් රඳවාගෙන සිටින තරුණ තරුණයින් 49 දෙනා සහ රුසියානු යුක්රේන යුද්ධයට හසුව සිටින ශ්‍රී ලාංකික

සෙබලුන් බේරාගැනීමේ රාජතාන්ත්‍රික මෙහෙයුමක් වෙනුවෙන්, ත්‍රෛ නිකායික මහනාහිමිවරුන්ගේ සහ විපක්ෂ නායකවරයාගේ සංදේශයන්ද රැගෙන විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් එම රටවල් බලා පිටත්ව ගොස් තිබේ.

වසන්ත යාපා බණ්ඩාර, ජේ.සී. අලවතුවල සහ සුජිත් සංජය පෙරේරා යන මන්ත්‍රීවරුන් මෙසේ පිටත්ව ගොස් ඇති අතර ඔවුන් මියන්මාරයේ සහ රුසියාවේ දින 05 බැගින් ගත කරමින් මෙම මෙහෙයුම දියත් කිරීමට නියමිත බව විපක්ෂය පවසයි.

“මියන්මාරයේ රඳවාගෙන තිබෙනවා අපේ රටේ තරුණ දරුවන් 49 දෙනෙකුගේ ප්‍රමාණයක්. ඒ 49 දෙනා වගේම තමයි රුසියාවෙන් මේ වෙනකොට විශාල වශයෙන් ලංකාවේ සොල්දාදුවන් විවිධ ආකාරයට ඒ යුධමය තත්ත්වයන්ට හසු වෙලා ඉන්න ඔවුන් පිළිබඳවත් ඒ තොරතුරු නොමැතිව විවිධ ප්‍රශ්න ඇතිවෙලා තිබෙනවා. මේ නිසාවෙන් අපි විපක්ෂය විදියට ඵලදායක ක්‍රියාවලියක යෙදිලා තිබෙනවා. අපි පහුගිය කාලය තිස්සේම උත්සාහ කරා මේ දරුවන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා වන ක්‍රියාවලිය පිළිබඳව.” යැයි කටුනායක ගුවන් තොටුපලේ දී මාධ්‍ය අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපාබණ්ඩාර පැවසීය.

“ඒ වගේම තමයි අපි රුසියාවේ මේ යුද්ධයට හසුවී සිටින සොල්දාදුවන් පිළිබඳවත් අපේ මේ සංචාරයේදී විශේෂ වශයෙන් අපි තොරතුරු සහ අපි බලාපොරොත්තු වෙනවා විපක්ෂ නායකතුමාගේ සහ මහනායක ස්වාමිපාදයන් වහන්සේලාගේ සංදේශ මෙම රටවලට භාර දීලා ඒ හරහා එම රටවල් වලට යම්කිසි ආකාරයක බල කිරීමක් කරන්න මේ දරුවන්ව මේ සොල්දාදුවන්ව මෙරටට කඩිනමින් ගෙන්වා ගැනීම සඳහා අපි දැඩි උත්සාහයක යෙදෙනවා.” යනුවෙන් මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියේය.

මන්ත්‍රීවරුන් පිරිස අද අලුයම 01.10ට පමණ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL - 402 දරන ගුවන්යානයෙන් තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටත්ව ගොස් ඇත.

(චතුරංග මේදිස්)




russian240527

සබැඳි පුවත්
රුසියන් යුද්ධයට ගිය ලාංකිකයන් මුදා ගන්න සජබ මෙහෙයුමක්

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්