theleaderlk 01

දීමෙන් හොඳ දීම අදහස් දන්දීම යන තේමාව යටතේ ලංකාවේ පළමුවරට අයිඩියා දන්සැලක් පැවැත්වෙමින් තිබේ.


Thinking Dots සහ Good Life x එකතුව සංවිධානය කරන මේ දන්සැලේ අරමුණ කුඩා පරිමාණ ව්‍යාපාරිකයන්ට තමන්ගේ ව්‍යාපාර සාර්ථක කරගැනීමට සහ සන්නිවේදනය කිරීමට අත්වැලක් සැපයීමයි.

වචන 150න් තමන්ගේ ව්‍යාපාරය ගැන කරන හැඳින්වීමකින් ව්‍යාපාර 05ක් මේ සඳහා තෝරාගැනීමට නියමිතයි. ඒ ව්‍යාපාරවලට අවශ්‍ය ව්‍යාපාර සැලසුමක් (buisness plan) සහ සන්නිවේදන සැලසුමක් (advertising campaign) නොමිලේම නිර්මාණය කරදීම මෙහිදී සිදුවෙයි. කුඩා ව්‍යවසායකයන්ට තමන්ගේ ව්‍යාපාර ඉහළ නංවා ගැනීමට අත්වැලක් සැපයීම මෙහි අරමුණයි.

මේ සඳහා ඉදිරිපත්වන ව්‍යාපාර පරිසරයට සහ සමාජයට හිතකර ඒවා වියයුතු බව එකම කොන්දේසියයි.

මැයි 20දින සිට 30 දක්වා මේ දන්සැල විවෘතයි.

ඔබේ ව්‍යාපාරය ගැන වචන 150ක් පහත පිටුවට ඉන්බොක්ස් කරන්න

https://www.facebook.com/ThinkingDotsLKhttps://www.facebook.com/ThinkingDotsLK

(චින්තන ධර්මදාස)

 

pe2024 2

worky sin

නවතම පුවත්