theleaderlk 01

ජනාධිපතිවරයාගේ හා පාර්ලිමේන්තුවේ ධූර කාලය තවත් වසර දෙකකට දික් කළ යුතු බවට එක්සත් ජාතික පක්ෂයෙන් යෝජනාවක් ඉදිරිපත් වී තිබේ.


එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මැයි 28 වැනිදා පැවති මාධ්‍ය සාකච්ඡාවක දී මේ කියා සිටියේය.

“මේ මොහොතේ රටේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම අවසන් කරලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහන ලබාගෙන ජාත්‍යන්තර ආයෝජන සහ සබඳතා වර්ධනය කරගනිමින් යන ගමනක් අපිට පෙනෙන්නට තිබෙනවා. ජාත්‍යන්තරය සමග තිබෙන එකඟතාවන් ක්‍රියාත්මක කළ යුතුව තිබෙනවා. ඒ සම්බන්ධ දැනුම සහ හැකියාව තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා සතුවයි කියන එක අපි දන්නව. ඒ නිසා තවත් අවුරුදු දෙකකට මැතිවරණය කල් දමමින් පාර්ලිමේන්තුව තුළ යෝජනාව සම්මත කර ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් බවට පත්වෙලා තිබෙනවා. ජනමත විචාරණයකට ගිහිල්ලා එය තහවුරු කර ගැනීම ඉන්පසු සිදු කරගත යුතු වෙනවා. වඩා ප්‍රායෝගිකව ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයකට අනුව ඒ ඉටු කළ යුතු වෙනවා.”

මැතිවරණ සිතියම අකුලනවා නොකියා මෙයට ඉඩ දෙන ලෙස ද ඔහු අනෙකුත් දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටියේය.

මැතිවරණයක් පැවැත්වීමෙන් පරිසර දූෂණයත්, අනවශ්‍ය මුදල් නාස්තියත් සිදුවනවා සේම රට බංකළොත් භාවය මුදාගැනීමේ ඉදිරි ක්‍රියා මාර්ගවලටත් විශාල සහයක් ලබා ගැනීමට ඇති හැකියාව අහිමි වන බවයි මහලේකම්වරයා පවසන්නේ.

විවිධ සන්ධාන සෑදිමේ හැකියාව ඇතිමුත් අවශ්‍ය වන්නේ රටේ ආර්ථිකය ගොඩ නැගිය හැකි සන්ධානය බිහිකිරීම බවත් ඒ සන්ධානය බිහිකිරීම සඳහා සියලු දෙනාට එකතුවන ලෙස ද ඔහු ආරාධනා කළේය.

“මේ වෙලාවේ ජනතාවත් රටේ දේශපාලන නායකයිනුත් සිදුකළ යුතු වන්නේ රනිල් වික්‍රමසිංහට මේ රට ඉදිරි කාලයටත් බාර දීම යි,” එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර  වැඩිදුරටත් පැවසීය.



'අමුම අමු මෝඩයෙක්’ - පොහොට්ටු ලේකම් 

මේ අතර පොහොට්ටුවේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මැයි 27 දා පැවති මාධ්‍ය හමුවකදී පැවසුයේ, මැතිවරණ නොතියා තවදුරටත් ජනාධිපතිවරයාට රට කරගෙන යාටම ඉඩ දිය යුතු බව කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන හැගීමක් නැති අමුම අමු මෝඩයෙක්’ බවයි. 

සාගර කාරියවසම් එබව කියා සිටියේ, එජාප මහලේකම් රංගේ බණ්ඩාර කර තිබූ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකදීය. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට තවත් වසර 5ක් රට කරගෙන යාමට ඉඩ ලබා දිය යුතු බව එජාප මහලේකම් රංගේ බණ්ඩාර පහුගිය දිනක ද මාධ්‍ය හමුවේ පවසා තිබිණ. 

මැතිවරණයක් නොතියා ම එම අවස්ථාව ජනාධිපතිවරයාට ලබා දිය බව එජාප මහ ලේකම්වරයා අවධාරණය කර සිටියි.

 

 

මේ අතර ඊයේ (27) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස්, ජනමත විචාරණයක් හරහා වර්තමාන ජනාධිපතිවරයාගේ නිල කාලය දීර්ඝ කිරිම සඳහා කිසිම විධිවිධානයක් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිම ආකාරයකින් සඳහන් නොවන බවත්, එය කිසිසේත් නිත්‍යානුකූලව සිදුකළ නොහැකි බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.


 

pe2024 2

worky sin

නවතම පුවත්