ජනතා බලයට පිටුපා ප්රජාතන්ත්රවාදය අහෝසි කරන්න උත්සාහ කළ හොත් ආණ්ඩුවට දරුණු ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි
විපක්ෂ මන්ත්‍රීවරයකු අනතුරු අඟවා තිබේ.
ජනතාව්ගේ ස්වෛරී බලය සමඟ සෙල්ලම් කරන්නට රජය උත්සාහ කළහොත් මීට වඩා ලොකු කැළඹීමක් රටේ ඇතිවෙන්න පුලුවන් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න අද පැවති මාධ්‍ය හමුවකදී පැවසිය.
වත්මන් රජය, බලය එක් තැන් කර පළාත් පාලන හා පළාත් සභා බලය නැති කර තිබෙන අවස්ථාවේදී හොරුන් සහ මිනි මරුවෙන්ගෙන් ද සමන්විත පාර්ලිමේන්තුවට නව මන්ත්‍රීවරු පත් කරන ජනතා බලය උරගා බලන පාර්ලිමේන්තු මහ මැතිවරණය හා ජනාධිපතිවරණය කල් තැබීමට තම නැණ පමණින් එක්සත් ජාතික පක්ෂයේ ලේකම් කරන යෝජනවා මන්ත්‍රීවරයා තරහයේ හෙළා දකින ලදී.
මෙවන් ජනතා විරෝධී අදහස් මතු කරන විට පක්ෂයක නායකයා සහ වටේ ඉන්න සාමාජිකයන්ගේ තරම ජනතාව තේරුම් ගත යුතු බවයි ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.