theleaderlk 01

නාවික හමුදා මුරපොළක් විශාල කර ගැනීම සදහා උතුරේ දෙමළ ජනයාට අයත් පෞද්ගලික භුමියක් අත්පත් කරගැනීමට

දැරූ උත්සාහයක් ප්‍රදේශයේ ජනතා නියෝජිතයන් හා එක්ව පසු පසුබස්සන්නට දෙමළ ජන පිරිස් සමත් වී තිබේ.

පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ යාපනය, වලිකාමම් නැගෙනහිර, සුලිපුරම්, කාට්ටුපුලම් ප්‍රදේශයේ දෙමළ ජනයාට අයත් පරප්පු හතරක භුමියක් මැනීම සදහා මැයි 30 වැනි බ්‍රහස්පතින්දා මිනින්දෝරු දෙපාර්තමේන්තු නිලධාරීන් පැමිණෙන අවස්ථාවේ ඔවුන් පැමිණි වාහනය නතර කරමින් දෙමළ ජනතා නියෝජිතයන් හා ප්‍රදේශවාසීන් ඉඩම් මැනීමට විරෝධය දැක්වු බවයි.

තමන්ට ලැබී ඇති උපදෙස් අනුව ඉඩම් මැනීමේ කටයුතු නතර කළ නොහැකි බවත්, ඉඩම් මැනීමට ඇති විරෝධය සිය උසස් නිලධාරියාට දැනුම් දෙන ලෙසත් පැමිණ සිට මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නිලධාරියා දෙමළ ජනතා නියෝජිතයන්ට දැනුම් දී තිබේ.


ඒ අවස්ථාවේ ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) නායක ශිවඥානම් ශ්‍රී ධරන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ප්‍රදේශය බාර මිනින්දෝරු දෙපාර්තමේන්තු බලධාරියාට දුරකතන ඇමතුමක් ලබා දී ඉඩම් මැනීම සම්බන්ධයෙන් ඇති ජනතා විරෝධය දැනුම් දී ඇත.


ඉඩම් මැනීමට ඇති විරෝධය සදහන් කරමින් සකස් කළ ලිපියක් ද දෙමළ ජාතික ජනතා පෙරමුණේ (TNPF) නීතිඥ කනගරත්නම් සුගාස් විසින් එහිදී පැමිණ සිටි මිනින්දොරු දෙපාර්තමේන්තු නිලධාරියා වෙත භාර දී තිබේ.

ජනතා විරෝධයක් පවතීනම් ඉඩම් මැනීම සිදු නොකර ආපසු එන ලෙස ප්‍රදේශය බාර මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ප්‍රදානියා විසින් භුමියට පැමිණ සිටි මිනින්දෝරු නිලධාරියාට දැනුම් දීමෙන් පසු ඔවුන් එම ස්ථානයෙන්  පිටව ගිය බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.

එහිදී  නීතිඥ කනගරත්නම් සුගාස් මාධ්‍යවේදීන් වෙත සදහන් කළේ මේ ආකාරයෙන් දෙමළ ජනයාගේ  ඉඩම් ආක්‍රමණය කිරීම සැලසුම් සහගත ලෙස උතුරු නැගෙනහිර දෙපළාත තුලම ක්‍රියාත්මක වන බවයි.

“දෙමළ ජනතාව අවදියෙන් සිටියොත් පමණයි, අපි සටන් කළොත් පමණයි, අපේ ඉඩම් රැකගන්න පුළුවන් වෙන්නේ. දෙමළ ජනයාට තම මාතෘභූමිය ආරක්ෂා කළ හැකියි. ඒ නිසා දෙමළ ජනතාව මේ සම්බන්ධයෙන් අවධානයෙන් සිටිය යුතුයි. මේ ඉඩම් ආක්‍රමණය යාපනයේ පමණක් නොව කිලිනොච්චිය, මන්නාරම, අම්පාර, ත්‍රිකුණාමලය, මුලතිව් වැනි දිස්ත්‍රික්ක අටක සැලසුම් කරලා ක්‍රියාත්මක කරනවා. අපි අද තාවකාලිකව නතර කරා. අපි නිරන්තර අවධානයෙන් සිටියහොත් පමණයි අපේ භුමිය ආරක්ෂා කරන්න පුළුවන්.”

TNPF පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද්‍රන් එම අවස්ථාවට එක්ව සිටියේය.

hlksadf

pe2024 2

worky sin

නවතම පුවත්