theleaderlk 01

ජලසම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොන්ඩමන් සහ ඔහුගේ අධාරකරුවන් පිරිසක් නුවරඑළිය නගරයේ තුළ කලහකාරී

ලෙස හැසිරීම හේතුවෙන් ප්‍රදේශය තුළ භිෂනකාරි තත්වයක් මතුව ඇති අතර එය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා ඇත.

අද පෙරවරුවේ නුවරඑළිය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමකදී වතු සමාගමක ප්‍රධානියකුට ඇමතිවරයා සහ ඔහුගේ අධාරකරුවන් පිරිසක් පහරදී ඇති අතර පහරකෑමට ලක්වූ පුද්ගලයා ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් කර ඇතැයි වාර්තාවේ.

ඊට සුළු මොහොතකට පසු පොලිස් ස්ථානයට කඩා වැදී ඇති ඇමතිවරයා පැමිණිල්ල සටහන් කර ගැනීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන්ට තර්ජනය කර බැනවැදී තිබේ.

අනතුරුව අදාල වතු සමාගම් කාර්යාලය වෙත කඩා පැන ඇති ඇමතිවරයා සහ ඔහුගේ අධාරකරුවන් පහරකෑමට ලක්වූ වතු සමාගමේ ප්‍රධානියා සොයමින් කලහකාරී ලෙස හැසිරී ඇතැයි ද වාර්තාවේ.

මෙම තත්වය පාලනය කර ප්‍රදේශය තුළ සාමය පවත්වා ගැනීම සඳහා වහාම පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පොලිසියට නියෝගකර තිබේ.

මේ අතර අමාත්‍ය ජීවන් තොන්ඩමන් මාධ්‍ය හමුවක් පවත්වමින් සිද්ධිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක් කර ඇත.

pe2024 2

worky sin

නවතම පුවත්