පරිගණක අපරාධකරුවන් භාරයේ සිටින ලාංකික තරුණයින් බේරාගැනීමට මියන්මාරයට ගිය විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම
එරට නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා සහ එරට ප්‍රධාන සංඝනායක ස්වාමීන් වහන්සේ සමඟ සාකච්ඡා ආරම්භ කර තිබේ.
විපක්ෂයේ මන්ත්‍රීවරුන් වන නීතිඥ වසන්න යාපාබණ්ඩාර, ජේ.සී. අලවතුවල, සුජිත් සන්ජය පෙරේරා මියන්මාරයේ මියාවඩි ප්‍රදේශයේ පරිගණක අපරාධකරුවන් විසින් බලහත්කාරයෙන් රඳවාගෙන සිටින ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 49 දෙනා බේරාගැනීම සඳහා මියන්මාරයේ යැංගුම් නුවර සිට කිලෝමීටර් 500ක් පමණ දුරින් Nay Pyi Taw නෙපිටෝ නුවර පිහිටා ඇති එරට විදේශ අමාත්‍යාංශයේ දී සාකච්ඡා අරඹා ඇත.
ඒ සඳහා මියන්මාර අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් එරට විදේශ නියෝජ්‍ය අමාත්‍ය H.E.U. Than Swe ඇතුළු රාජතාන්ත්‍රික නිලධාරීන් කණ්ඩායමක් සහභාගි වු බව වසන්න යාපා බණ්ඩාර මන්ත්‍රීවරයාගේ මාධ්‍ය අංශය නිවේදනය කරයි.
එහිදි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ලාංකිකයන් පිරිස බේරාදීමට අදාල රාජතාන්ත්‍රික කටයුතු කර දෙන මෙන් කරන ලද ඉල්ලීම ඇතුළත් සංදේශයක්ද එරට නියෝජිතයන්ට භාර දී තිබේ.
එම සාකච්ඡාවෙන් අනතුරුව නැවත යැංගුම් නුවර පිහිටි Shwe Dagon Pagoda මියන්මාර පන්සලේ වැඩවසන මියන්මාර ප්‍රධාන සංඝනායක ස්වාමීන් වහන්සේ වන Thanlyin Min Kyaung Sayardaw නායක හිමි සමග සාකච්ඡාවක් පවත්වා තිබේ.
එම ස්වාමීන්වහන්සේ වෙත ශ්‍රී ලංකාවේ ත්‍රෛ නිකායික මහානායක ස්වාමිපාදයන් වහන්සේලාගේ අත්සනින් යුතු, ලාංකිකයන් බේරා ගැනීම සඳහා වන විශේෂ ඉල්ලීමක් ඇතුළත් සංදේශයක් භාර දුන් බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.