මේ තීරණාත්මක අවස්ථාවේ දී විශේෂයෙන් අනිත් අය වෙනුවෙන් තමන් පරිස්සම් වෙන්න යයි ප්‍රවීන නිවේදක කිංස්ලි රත්නායක

ජනතාවගේ ඉල්ලා සිටියි.

''අපිට කරන්න පුලුවන් පුංචි දේ අපි ඉටුකර දෙනවා නම් සෞඛ්‍ය අංශයට මහත් පහසුවක් වෙනවා මේ වසන්ගතය නවත්වා ගන්න. '' යයි පෙන්වා දෙන  කිංස්ලි රත්නායක, ''රටක් විදියට නැවත නැගී සිටීමට අපි අධිෂ්ඨානය කර ගනිමු'' යයි කියා සිටියේ.

ඔහු මේබව සඳහන් කර ඇත්තේ සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් මුදා හරිමිනි.

එහිදී ඔහු තවදුරටත් මෙසේද පවසයි.   ''මම කිංස්ලි රත්නායක මේ වෙලාවේ අපිව නරඹපු අපිට ඇහුම්කන් දීපු හැම දෙනාටම ඒ වගේම දයාබර ඔබ හැමදෙනාටම මගේ යුතු කමක් වෙනවා කියලා මම හිතනවා රට වෙනුවෙන් එහෙම නැත්නම් අපිට කරන්න පුලුවන් පුංචි දේ මේ වෙලාවේ අපිට එකතු කරන්න පනිවිඩයක් දීම..

විශේෂයෙන්ම ජාතික වැඩපිළිවෙලක් සිදුවෙන මේ මොහොතේදී අපි ඒකට හැකිතාක් අපේ සහයෝගය ලබාදීම වැදගත් වෙනවා.

රටේ ආරක්ෂක අංශය ඒවගේම තීරණගන්න උදවිය ඒවගේම විශේෂයෙන්ම වෛද්‍ය කාර්ය මණ්ඩලය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඒ අදාල නිධාරීන් තමන්ගේ ජීවිත පවා අවධානමකට ලක්කර ගනිමින් අපි වෙනුවෙන් කටයුතු කරනවා දිවා රාත්‍රියේ මහන්සිවෙලා.

එතකොට අපි අතින් කරන්න පුලුවන් පුංචි දේ අපි අතින් මගහැරෙනවා නම් ඒක ජාතික සැලැස්මට කෙලින්ම බලපානවා.

''අපි අතින් කරන්න පුලුවන් පුංචි දේ අපි අතින් මගහැරෙනවා නම් ඒක ජාතික සැලැස්මට කෙලින්ම බලපානවා.''

මෙන්න මේ වගේ පුංචි දේවල් ටිකක් කරන්න.....

Health staff

මම වෛද්‍ය උපදෙස් දෙන්නට උත්සාහ කරනවා නෙවෙයි නමුත් පුංචි දේවල් ටිකක් ඔවුන් අපෙන් ඉල්ලන්නේ. එලියට බහින්නට එපා. ඒවගේම අත්‍යාවශ්‍ය කාරණා හැරෙන්නට බාහිර පුද්ගලයන් එක්ක සම්බන්ධතා තියාගන්නට එපා. රට ගිහිල්ලා ආවනම් දවස් 14 ක්  තමන්ම හුදෙකලා වෙලා  ඒ අවශ්‍ය කටයුතු කාරණා තමන්ම සිද්ධ කරගන්න. යම් කිසි කෙනෙක් ගැන පොඩි හරි සැකයක් තියෙනවානම් ඒ දන්වලා තිබෙන දුරකතන අංක හරහා දැනුවත් කිරීම් කරන්න. මෙන්න මේ වගේ පුංචි දේවල් ටිකක් කරන්න.

අන්න ඒ  වෙනුවට අපි හැමෝම නායකයෝ වෙන්න ගත්තොත් මේ වෙලාවේ එක සැලැස්මකට අපිට අනුගත වෙන්න බැරිවෙනවා. එහෙම වෙලා අපිට වඩා දියුණු ලෝකේ අනෙකුත් රටවල් පවා  අපිට වඩා මේ වෙලාවේ අසරණ වෙමින් පවතිනවා කොවිඩ් 19 කියන මේ වෛරසය නිසා.

ඒ නිසා අපිට කරන්න පුලුවන් පුංචි දේ වෙනුවෙන් අපි රටක් විදිහට ලබා දෙනවා නම් සෞඛ්‍ය අංශයට මහත් පහසුවක් වෙනවා මේ වසන්ගතය නවත්වා ගන්න. ඒ නිසා දියුණු රටවල් මේ සඳහා දැවැන්ත වියදමක් දරනවා  දැවැන්ත මහන්සියක් දරනවා.

අපේ රටවල්වලට මේක නඩත්තතු කරගන්න තියා මේක පරිපාලනය කරගන්නවත් බැරි වෙනවා හැම දෙනාම එක එක ආකාරයෙන් තමන් හිතන පතන විදිහට වැඩ කරන්න ගත්තොත්.

''සෞඛ්‍ය අංශයට ඇහුන්කම් දෙන්න. ඔබේ ජීවිතය ඔබේ දරුවාගේ ජීවිත, ඒ වගේම අනාගතේ අපිට සතුටු වෙන්න තිබෙන කාලය ගැන හිතලා මේ මොහොතේ කැපකිරීම කරන්න.''

ඒ නිසා සෞඛ්‍ය අංශයට ඇහුන්කම් දෙන්න. ඔබේ ජීවිතය ඔබේ දරුවාගේ ජීවිත, ඒ වගේම අනාගතේ අපිට සතුටු වෙන්න තිබෙන කාලය ගැන හිතලා මේ මොහොතේ කැපකිරීම කරන්න.

විශේෂයෙන් අනිත් අය වෙනුවෙන් තමන් පරිස්සම් වෙන්න. රටක් විදියට නැවත නැගී සිටීමට අපි අධිෂ්ඨානය කර ගනිමු

අවධානයට ලක්විය යුතු පුවත් :

කොරෝනා වෛරසය: මුදල් හා ටෙලර් මැෂීන් භාවිතයට බිය විය යුතු ද? 

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් බරපතල ප්‍රකාශයක් 

නව කෙරෝනා වෛරසයට පැය ගණනාවක් වාතයේ ද දින ගණනාවක් පෘෂ්ඨය ද පැවතිය හැකියි! 

කොරෝනා නිවාරණ සමාජ දුරස්ථ පිළිවෙතෙහි (Social Distancing) රීති මොනවාද?

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකාව අයත් කලාපයට අනතුරු ඇගවීමක්: 

#fightcorona : කොරෝනා වෛරසයේ ඉරණම ඇත්තේ ඔබේ දෑත්හිය : අත් සේදීමේ දී කළ යුතු හා නොකළ යුතු දේ !  

සමාජ මාධ්‍ය ඔස්සේ ලැබෙන උපදෙස් නිවැරදි ද?

'නිරෝධායනය ගැන මේ ටිකත් දැනගන්න 

#fightcorona : ''ආණ්ඩුවට බැනලා වැඩක් නැහැ, කොරෝනා පාලනය කිරීමට එක්සත්ව සටන් කරමු'' - මංගල (වීඩියෝ) 

 කටකතාවලට රැවටෙන්න එපා !  

කොරෝනාවෛරසයෙන් ආරක්ෂා වන්නේ කෙසේද ? 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්