සර්ව ජනබලය රටේ දේශප්‍රේමී වාමවාදී ජාතිකත්ව සියලුදෙනා එකතු වුන කදවුර බව මව්බිම ජනතා පක්ෂ නායකයා ප්‍රකාශ කර තිබේ.
සමාජ මාධ්‍ය තුළ සර්ව ජනබලය ජාතිකවාදී කදවුරක් ලෙස හදුන්වනු ලැබුව ද එය එසේ නොවන බවයි එහි නායකයෙකු වන දිලීත් ජයවීර පෙන්වා දෙන්නේ.
“අද අපි එකතුවෙලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ නිර්මල වම නියෝජනය කරන කණ්ඩායමත්, ජාතිකත්ව මතවාදයක සිට මේව රටේ ප්‍රශ්න දෙස ජාතිකවාදී මුහුණුවරකින් බලපු කණ්ඩායම් එකතු වෙලා. හැබැයි සමාජ මාධ්‍යවල නිර්වචනයක් ලෙස ගහලා තිබුනා ජාතිකවාදී කදවුර පමණක්ම කියලා. එය නිවැරදි විය යුතුය. මේ රටේ දේශප්‍රේමී වාමවාදී ජාතිකත්ව සියලුදෙනා එකතු වුන කදවුර තමයි සර්වජන බලය කියන්නේ.”
රජයට අභියෝග කරන ප්‍රභල විපක්ෂයක් නොමැති වීම සහ ඉදිරි මැතිවරණවලට මුහුණ දීමට වාමවාදී ජාතිකත්ව එකමුතුවේ හිඩස පිරවීමට තම පිරිස එක්වු බවයි ඔහු පවසන්නේ.
බොරැල්ල සර්ව ජන බලය දේශපාලන සන්ධාන කාර්යාලයේ ඊයේ (30) පැවති මාධ්‍ය හමුවේදී හෙතෙම තවදුරටත් කියා සිටියේ මෙම සන්ධානය සාම්ප්‍රධායික සන්ධානයක් නොවන බවත් එකමුතුව සංවිධානාත්මකව නිර්මාණය කරන ලද්දක් බවයි.
මව්බිම ජනතා පක්යේ සභාපති ලෙස කටයුතු කළ සරත් අමුණුගම ගේ ඉවත් වීම සම්බන්ධයෙන් ද මාධ්‍යවේදීන් දිලීත් ජයවීරගෙන් ප්‍රශ්න කරනු ලැබුවා.
“ඔහු මා වෙත එවන ලද ලිපියේ නම් සදහන් වෙන්නේ සුභ පැතීමක් විතරයි. මාධ්‍ය විසින් තමයි එය අර්ථ නිරූපන දක්වලා තියෙන්නේ. සර්වජන බලය හැදුන දවසේ තමයි ඒ ලිපිය මට ලැබුණේ.”
“කාරණයක් කියලා නැහැ. එක වාක්‍යයි තියෙන්නේ. ඒ සුභ පැතීම පමණයි.” මව්බිම ජනතා පක්ෂ නායක දිලීත් ජයවීර ප්‍රකාශ කර තිබේ.
මෙම මාධ්‍ය හමුව සඳහා ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ සහ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ලේකම්, ජී. වීරසිංහ ද එක්ව සිටියේය.
(චතුරංග මේදිස්)