ජනාධිපතිවරණයත්, මහ මැතිවරණයත් වසර දෙකකින් කල් දමා ජනමත විචාරණයක් පැවැත්වීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවට

තමන් විසින් සිදු කළ ප්‍රකාශයේ සියලු රහස් සඳුදා (ජුනි 03) හෙළිදරව් කරන බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර 'දේශය' (deshaya.lk) පුවත්පතට පවසා ඇත.  

එම සිදුවීම සම්බන්ධයෙන් තමන්ට මේ මොහොතේ මාධ්‍යයට කිසිවක් කිව නොහැකි බවත් එහෙත් සියල්ල සඳුදා හෙළිදරව් කරන බවත් හෙතෙම කියා තිබේ.

පාලිත රංගේ බණ්ඩාර විසින් සිදු කළ එම ප්‍රකාශය හේතුවෙන් රටේ දේශපාලනය තුළ මහත් කැළඹීමක් ඇතිකළ අතර ආණ්ඩුවට සම්බන්ධ ඇතැම් මැති ඇමැතිවරුන් පවා ප්‍රකාශ කර සිටියේ, එය ඔහුගේ පෞද්ගලික අදහසක් වන බවයි.

 කෙසේ වෙතත් ජනාධිපතිවරයා සඳහන් කර තිබුණේ නියමිත පරිදි ජනාධිපතිවරණය මේ වසරේ පවත්වන බවයි.

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්