theleaderlk 01

රට බංකොලොත් වී ඇත්තේ ණය ලබා ගෙන ආදායමක් නොලබන ව්‍යාපෘතිවලට යෙදවීම නිසා බව විපක්ෂ නායකවරයා ප්‍රකාශ කර තිබේ.


එහි දී එම ව්‍යාපෘතිවලට වැයවන මුදල නැවත ලබා ගත හැකි ක්‍රම ගැන සිතිය යුතු වුවත් ඒවා නොසිතා විවිධ පුද්ගලයන්ගේ ප්‍රතිරූප නිර්මාණය කිරීමේ ව්‍යාපෘති කරන්න ගිණිපොළී ණය ගත් නිසා රට බංකොලොත් වී ඇති බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පෙන්වා දෙන්නේ.

හම්බන්තොට මුල්කිරිගල වීරකැටිය හිඟුරුමුලන ශ්‍රී පේමානන්ද කණිෂ්ඨ විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර වැඩසටහනේ 215 වැනි අදියර යටතේ රුපියල් 1,177,000 වටිනා සුහුරු පන්ති කාමරයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේය.

විවිධ කතාවලට, වචනවලට රැවටී වරම් ලබා දීමෙන් පසු රටම ඔවුන්ගේ පවුල්වලට සින්නක්කරවම ලියා ගැනීම නිසා රට බංකොලොත් වූ බවත් මේ තත්ත්වයෙන් ගොඩ ඒමට නම් රටේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දිය යුතු බව ඔහු අවධාරණය කරයි.

පුරවැසියන්ගේ දැනුම, බුද්ධිය හා ඥානය වර්ධනය වන විට ජීවිතයක් බිලිගන්න පෙර ජීවිත රැකගෙන ප්‍රශ්නත් විසඳගෙන උගත් තීන්දු තීරණ ගැනීමට පෙළඹෙන නිසා රටේ පාසල් පද්ධතිය පහසුකම්වලින් ශක්තිමත් කිරීම අංක 1 ප්‍රමුඛතාව විය යුතු බව විපක්ෂ නායකවරයා පෙන්වා දෙයි.

එබැවින් ඉදිරියේදී රටට ලාභදායී නොවන මහා පරිමාණයේ සෝබන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට පෙර පාසල් පද්ධතියේ ඇති භෞතික හා මානව සම්පත් හිඟය විසඳීමට ප්‍රමුඛස්ථානය දිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් කියා සිටියේය.

(චතුරංග මේදිස්)

 

pe2024 2

worky sin

නවතම පුවත්