theleaderlk 01

දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණික තත්වයෙන් මේ වන විට වැඩිම බලපෑමක් රත්නපුරයට සිදුව තිබේ.


රත්නපුරයට බලපා ඇති ගංවතුර තත්වය හේතු කර ගෙන සාමාන්‍ය ජන ජිවිතයට විශාල ලෙස බලපෑම් සිදුව ඇති අතර පීඩාවට පත් ජනතාවට පානීය ජලය සහ වියළි සලාක අවශ්‍යව ඇත.

කාරුණික පරිත්‍යාගශිලි ඔබගේ ආධාර රත්නපුර ප්‍රදේශිය ලේකම් කාර්යාලයට හෝ රත්නපුර පොලිසියේ ප්‍රජා පොලිස් අංශයට ලබා දීම හරහා පීඩාවට පත් ජනයාට සහාය වීමේ හැකියාව පවති.

රත්නපුර ප්‍රදේශයේ මාර්ග රැසක් මේ වන විට ගංවතුර තත්වයෙ හේතුවෙන් වාහන ගමන් කළ නොහැකි ලෙස ජලයෙන් යටවී ඇත. ඒ පිළිබඳව රත්නපුර ප්‍රදේශිය ලේකම් කාර්යාලය සිය ෆේස්බුක් ගිණුම හරහා මීට පැය 3කට පෙර නිකුත් කළ නිවේදනය පහතින්,



''ඇති වූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගංවතුර සහ කන්ඩි කඩා වැටීම් නිසා වාහන ධාවනය නුසුදුසු බව දන්නවමි. ( මේ වන විට වාර්තා වීම්)

රත්නපුර මේ වනවිට පානදුර රත්නපුර මාර්ගයේ කහංගම,දේවාලෙගාව,මොරගහයට අසල ලේන්තැටිය මාර්ගය ජලයෙන් යටයි.වාහන යා නොහැක.

කැටලියම්පල්ල ප්‍රා.ලේ. නිල නිවස අසල මාර්ගය ජලයෙන් යට වී ඇත. වාහන යා  නොහැක

කහංගම,බටුගෙදර අතුරු මාර්ග යට වී ඇත.

ගොඩිගමුව ප්‍රඣානන්ද මාර්ගය,අබේරත්න මාර්ගය,මුස්ලිම් පල්ලිය පාර,රකනජෝති මාවත අඩියක් පමණ ජලයෙන් යටවී ඇත. වාහන ධාවනය කළ නොහැක.

බටුගෙදර ඉහත මාර්ග දෙක අඩියක් පමණ යට වී ඇත. වාහන ධාවනය කළ නොහැක.

රත්නපුර නගර මුස්ලිම් පල්ලිය පාර අඩි 3ක් පමණ ජලයෙන් යට වී ඇත.වාහන ධාවනය කළ නොහැක.

පානදුර ප්‍රධාන මාර්ගය කහංගම පහල හන්දිය ප්‍රදේශයේදී. වාහන ධාවනය කළ නොහැක.

නවනගරය වසම ඇලස්ලින් වත්ත මාර්ගයේ අංක 502, කොළඹපාර ලිපිනයේ බැම්මක් කඩා වැටී මාර්ගය අවහිර වි ඇත. වාහන ධාවනය කළ නොහැක.

මුද්දුව නැගෙනහිර වසම ගල්පහලිය මාර්ගය අඩි 4ක් පමණ ජලයෙන් යටී ඇත. පිට්ටනිය පාර අඩි 3ක් පමණ ජලයෙන් යට වී ඇත. වාහන ධාවනය කළ නොහැක.

එගොඩ මල්වල පාර ග්‍රේඩරේ අසල අඩි තුනක් පමණ  ජලයෙන් යට වී ඇත.

මීට අමතරව ඔබගේ වසමේ මාර්ග තොරතුරු තිබේ නම් සියළුම දෙනාගේ දැන ගැනීම පිණිස comment කර දැන්වත් කරන්න..

සියලු දෙනාම විමසිල්ලෙන් කටයුතු කරන්න.

''දැනුවත් වීමෙන් - දැනුවත් කිරීමෙන් හානි අවම කරගනිමු'' 




pe2024 2

worky sin

නවතම පුවත්