පවතින අයහපත් කාලගුණය හේතුවෙන් අපදාවට ලක්ව සිටින ජනතාව වෙත වහාම සහන දීමට සක්‍රීයව සහයෝගය ලබාදීමට
කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ සියළුම එම පෙරමුණේ ආසන සංවිධායකවරුන්ට හා ග්‍රාමීය නායකයින්ට දැනුම් දී ඇත.
විපතට පත් වූවන්ට සහන සැලසීමට සහ අවශ්‍යතා ඇති ජනතාවට සහන සැලසීමට කටයුතු කිරීමට පෙරට එනලෙස සිය පක්ෂ සාමාජිකයින්ටද නාමල් රාජපක්ෂ ආරාධනා කර ඇත.
නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මේ සම්බන්ධයෙන් 'X ' පණිවිඩයක් ද නිකුත්කර තිබිණ.
පොහොට්ටුවේ බියගම සමුළුව අත්හිටුවයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බියගමදී අද (2) පැවැත්වීමට නියමිතව තිබූ ආසන සම්මේලනය අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කල්දැමූ බව පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ තවදුරටත් පැවසීය.
බියගම ගංවතුර සහන වැඩසටහනට රුපියල් මිලියනයක් පරිත්‍යාග කිරීමට පක්ෂය තීරණය කර ඇති බවද නාමල් රාජපක්ෂ කීය.
එම සමුළුව අද පස්වරු 2.00 ට ආරම්භ කිරීමට නියමිතව තිබුණි.