''මේ වෙලාව අපි හැමෝම පරිස්සම් වෙන්න ඕන කාලයක්. ඒ වගේම අපේ වටේ සිටින හැමෝම පරිස්සම් කරන්න ඕන කාලයක්. '' යයි රුක්මාල් අවධාරණය කර සිටයි.
වත්මන් කොරෝනා වෛරස් අර්බුදය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවෙත වීඩියෝවක් මුදාහරිමින් ඔහු එබව පවසා ඇත.
ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටින ඔහුගේ වීඩියෝවේ මෙසේද සඳහන් වේ.
''මේ වෙලාවේ අපිට කරන්න තියෙන හොඳම දේ තමයි මේ වෛරසය ව්‍යාප්ත කරන්නේ නැතිව, සමූහ වශයෙන් රංචු ගැහෙන්නේ නැතුව අවම අවශ්‍යතාවයකට හැරෙන්න ගෙයින් එළියට බහින්නේ නැතුව ගෙදරට වෙලා සිටින්න.
එහෙම කළොත් අපි අනුන් ගැන සිතුවොත් පුළුවන් මේ වෛරසය පරාජය කරන්න. එහෙම නැති වුනොත් මේ වෛරසය අපිව ගිලගන්න තියෙන අවස්ථාව වැඩීයි.
පුළුවන් තරම් උත්සහා කරන්න ලෝක සෞඛ්‍ය සංවිධානය කියලා තියෙන ඒ උපදෙස් ටික පිළිපදින්න.
ඉතින් මේ වෙලාවේ අපි හැමෝම පරිස්සම් වෙමු අපි අනිකාවද පරිස්සම් කරගමු. මේක ඉතාම භායානක උවදුරක් මේකෙන් ඔබත් අපිත් හැමෝම ආරක්ෂා වෙමු.''