මෙරටින් කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් 80 දෙනෙක් මේ වන විට වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටියි.


අද(22) දින ආසාදිතයන් තිදෙනෙකු වාර්තා වී ඇති අතර, ඊයේ දිනයේදී 77 දෙනෙකු වාර්තා වී තිබිණි.

මේ වන විට රෝහල් ගතව සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව 222ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ෆාමසි වලට නියෝගයක් ! 

මේ අතර ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී විසින් සියළුම ඖෂධ ශාලා හිමියන් වෙත විශේෂ නිවේදයක් නිකුත් කරමින්, විශේෂඥ වෛද්‍යවරයෙකුගේ වලංගු බෙහෙත් වට්ටෝරුවක් නොමැතිව Chioroquine සහ Hydroxychioroquine නැමැති ඖෂධ නිකුත් නොකරන ලෙස දැනුම් දී ඇත.

මෙම නියෝගයන් / උපදෙස් උල්ලංඝණය කරනු ලබන සෑම තැනැත්තෙකු විසින්ම වරදක් සිදු කරනු ලබන අතර, 2015 අංක 05 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනතේ 131 වන වගන්නිය යටතේ ඔහුට / ඇයට නඩු පවරනු ලබන බව ද එම දැනුම්දීමේ වැඩිදුරටත් සදහන් වේ.


Malariya 22

මේ ලිපියත් කියවන්න 
 

Doctor refutes Trump claim on efficacy of malaria drug to treat coronavirus

සබැඳි පුවත් :

මැලේරියා ඖෂධය මෙරට කොරෝනා රෝගීන්ට ලබාදීමට අනුමැතිය!
කොවිඩ් 19ට ප්‍රතිකාර සොයා ට්‍රම්ප් පස්සෙන් දුවන සජිත්, ජයසුමන සහ අරඹේපොල – සුනන්ද දේශප්‍රිය

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්