theleaderlk 01

සාම්ප්‍රදායික ප්‍රභූ දේශපාලනය ගෙනයන පවුල් දේශපාලනය තරුණ පරම්පරාව අතට මාරු කළ යුතුව බවත් ස.ජ.බ. හෝ වෙන කිසිවෙකු

එවැනි බලයක් තරුණ පරම්පරාවට ලබා නොදෙන බව ජාතික ජන බලවේගයේ නායකයා ප්‍රකාශ කර තිබේ.

සජිත් ඇතුළු සමගි ජන බලවේගයේ නායකයන් සියලුම දෙනා පෙර පරම්පරාවල පුතුන් බව අනුර කුමාර දිසානායක කුරුණැගල පැවති මාලිමාවේ තරුණ සමුළුන අමතමින් කියා සිටියේය.

“රට අත්හැර යාමේ අරමුණ සහිත තරුණ පරපුරක් අද ඉන්නේ. නමුත් ඔබේ සිතුම් පැතුම්, අපේක්ෂාවන්, විලාසිතාවන්වලට අනුරූප සිනමාවක්, සංගීතයක්, ක්‍රීඩාවක් සම්බන්ධයෙන් සැලසුම් පවතින්නේ ජාතික ජන බලවේගයට පමණයි. නූතන ලෝකය සමග අත්වැල් බැඳගෙන යන ශ්‍රී ලංකාවේ තරුණ පරම්පරාවේ අරමුණු, ඉටුකරන්නේ ජාතික ජන බලවේගය පමණයි. අපි ලෝකයේ ඉතාමත් ප්‍රාථමික ශ්‍රම වෙළඳපොළක් මේ වන විට අත්පත්කරගෙන ඉන්නේ. මේ පරම්පරාවේ දුවා දරුවන්ගේ අනාගතය නිර්මාණය කිරීමේ සද් උවමනාවක් අපට තිබෙනවා.”

ජාතික ජන බලවේගය නියෝජනය කරන කිසිවෙක් පාරම්පරික දේශපාලන පවුල්වලින් එන අය නොවන බව කී අනුර කුමාර දිසානායක රට වෙනස් කිරීම සඳහා නව දේශපාලන අපේක්ෂාවන් තෝරාගත් අය පමණක් මාලිමාවේ සිටින බව සඳහන් කළේය.

“අපි මේ කරමින් ඉන්නේ ඔවුන් අතේ තිබෙන බැට්න් එක අරගෙන ඔබ අතට ලබාදීමේ ක්‍රියාමාර්ගයයි. ඉතා කෙටි කලකින් අපි ඒ බැට්න් එක ඔබ අතට ලබාදී ඔබ විසින් රට ගොඩනගන ආකාරය දෙස බලමින් සතුටු වෙන්න අපේක්ෂා කරනවා.”

පවුල් දේශපාලනය තරුණ පරම්පරාව අතට මාරු කිරිමට එළඹෙන ජාතික මැතිවරණය යොදාගත යුතු බව මාලිමාවේ නායක අනුර කුමාර දිසානායක වැඩිදුරටත් කියා සිටියේය.

zndklfjsd

 

 

 

pe2024 2

worky sin

නවතම පුවත්