කොරෝනා වෛරසය තමන්ගේ ගෙදරට එන එක වලක්වා ගන්නේ කෙසේදැයි කියන කාරණය ගැන අප සැමගේ මුලික අවධනය

යොමුකළ යුතු බව මාධ්‍යවේදිනී තේජා කටුගම්පල පවසන්නීය.

ඕස්ට්‍රේලියාවේ 'මෙල්බන් රේඩියෝ' හි මාධ්‍යවේදිනියක ලෙස කටයුතු කරන ඇය, සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් මුදා හරිමින් එබව සඳහන් කර තිබේ.

ඇය එහිදී තවදුරටත් මෙසේද පවසන්නීය.

''මම ඉන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර. ඇත්තම කිව්වොත් මේ වෙලාවේ අපේ ස්ටේට් ඒක ෂට්ඩවුන් වෙමින් තියෙන්නේ. අත්‍යාවශ්‍ය දේවල් ඇරෙන්න අනෙක් හැම දෙයක්ම වසා දමමින් තියෙන්නේ. ඉතින් මුලු ලෝකයම එකම ප්‍රශ්නයකට මුහුණ දෙන වෙලාවේ මටත් ඕන ඔයාලත් එක්ක ඒක බෙදා ගන්න.

 ඇත්තම කිව්වොත් කොවිඩ් 19 මේවෙනකොට ජාතිභේද ආගම්භේද ඒවගේම දේශසීමා මේ කිසිදෙයක් නොතකමින් එකම විදිහටම පහර දෙනවා‍. ඔබ ලංකාවේ උන්නත් මම ඕස්ට්‍රේලියාවේ උන්නත් තව කෙනෙක් එංගලන්තයේ උන්නත් කිසිම වෙනසක් නැහැ ඇපි හැමෝටම කොවිඩ් 19 එක්ක හැප්පෙන්න වෙලා තියෙනවා.

මට හිතෙනවා මනුස්සයෙක් විදියට ඔබේ බුද්ධිය උපරිමයෙන් පාවිච්චි කරන්න ඕන වෙලාවක්  මේක. මේ වෙනකොට කොවිඩ් 19 වලට මුහුණ දෙනන්නේ කොහොමද කියන කාරණයේදී මම පෞද්ගලිකව තුන් ආකාරයකට සූදානම් වෙලා ඉන්නවා ගෘහනියක් වගේම අම්ම කෙනෙක් හැටියට.

පළවෙනියටම කරන්න ඕන දේ තමයි මේ අසනීපය තමන්ගේ ගෙදරට එන එක වලක්වා ගන්නේ කොහොමද කියන එක. අන්න අතනදි තමයි මම ඔබට කිව්වේ නිතර නිතර ඔබ පොදු දෙයක් පාවිච්චි කරොත් අත සෝදන්න. අත සෝදන්නේ නැතුව ඔබේ මුහුණ කට අතගාන එක නවත්වගන්න. වලක්වගන්න.

ඒ වගේම කොයිතරම් ආදරේ වුණත් දරුවන්ට හාදු දෙන එක මේ දවස්වල පුලුවන් නම් නවත්වගන්න බලන්න. මොකද අපි නොදැන අපි වැඩියෙන්ම ආදරේ කරන කෙනා මේකට ගොදුරු වෙන්න පුලුවන්.

''කොයිතරම් ආදරේ වුණත් දරුවන්ට හාදු දෙන එක මේ දවස්වල පුලුවන් නම් නවත්වගන්න බලන්න. මොකද අපි නොදැන අපි වැඩියෙන්ම ආදරේ කරන කෙනා මේකට ගොදුරු වෙන්න පුලුවන්. ''

ඉතාමත් ආදරෙන් කියන්නේ මේ වෙලාවේ ඔබ ඔබට ආදරය කරන්න. ඔබේ ගෙදර ඔබත් එක්ක ජීවත්වෙන කෙනාට ආදරය කරන්න. ඔබේ ගමේ ඔබේ රටේ ජීවත්වෙන කෙනෙක් විදියට මනුස්සයෙක් තවත් මනුස්සයෙකුට ගරු කරන්න. ඒ නිසා ඔවුන්ගේ අවශ්‍යතා ගැනත් ඔබේ අවශ්‍යතා ගැනත් ටිකක් කල්පනා කරන්න.''

අවධානයට ලක්විය යුතු පුවත් :

කොරෝනා වෛරසය: මුදල් හා ටෙලර් මැෂීන් භාවිතයට බිය විය යුතු ද? 

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් බරපතල ප්‍රකාශයක් 

නව කෙරෝනා වෛරසයට පැය ගණනාවක් වාතයේ ද දින ගණනාවක් පෘෂ්ඨය ද පැවතිය හැකියි! 

කොරෝනා නිවාරණ සමාජ දුරස්ථ පිළිවෙතෙහි (Social Distancing) රීති මොනවාද?

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකාව අයත් කලාපයට අනතුරු ඇගවීමක්: 

#fightcorona : කොරෝනා වෛරසයේ ඉරණම ඇත්තේ ඔබේ දෑත්හිය : අත් සේදීමේ දී කළ යුතු හා නොකළ යුතු දේ !  

සමාජ මාධ්‍ය ඔස්සේ ලැබෙන උපදෙස් නිවැරදි ද?

'නිරෝධායනය ගැන මේ ටිකත් දැනගන්න 

#fightcorona : ''ආණ්ඩුවට බැනලා වැඩක් නැහැ, කොරෝනා පාලනය කිරීමට එක්සත්ව සටන් කරමු'' - මංගල (වීඩියෝ) 

 කටකතාවලට රැවටෙන්න එපා !  

කොරෝනාවෛරසයෙන් ආරක්ෂා වන්නේ කෙසේද ? 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්