ශ්‍රී ලාංකිකයන් විදිහට, මනුස්සයන් විදියට අපි ඉතාම සැලකිල්ලෙන් වගකීමෙන් ගත කළ යුතු කාලයක්
පැමිණ ඇතැයි සංගීත ශිල්පි මිහිඳු ආරියරත්න පවසයි.
ඕස්ට්‍රේලියාවේ පදිංචි ඔහු එසේ පවසා ඇත්තේ සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් මුදා හරිමිනි.
එහිදී ඔහු තවදුරටත් මෙසේද කියා සිටියි.
*සුභ දවසක් හැමටම. ශ්‍රී ලාංකිකයන් විදිහට අපි මනුස්සයන් විදියට අපි ඉතාම සැලකිල්ලෙන් වගකීමෙන් ගත කළ යුතු කාලයක් තමයි මේ ඇවිල්ලා තියෙන්නේ.
ඒ වගේම තමයි අපි මතක තියාගන්න ඕනේ අපේ මේ පොඩි වැරැද්දකින් අපේ මේ පොඩි නොසැලකිලිමත්කමකින් ආත්මාර්ථකාමී ක්‍රියාවකින් මුලු රටක් නසන්න පුලුවන් කාලයක් තමයි මේ ඇවිල්ලා තියෙන්නේ.
අපි ඉතාමත්ම වගකීමෙන් ක්‍රියා කළ යුතුයි. අපිට ලොකු දේවල් කරන්න ඕනේ නැහැ. මොකද ඇත්තම කියනවා නම් අපි වෙනුවෙන් අපේ යුද හමුදාව පොලිසිය වෛද්‍ය සේවය ඒ වගේම හෙද හෙදියන්, ශ්‍රි ලංකන් ගුවන් සේවය ඉතාමත්ම කැප වීමකින් සහ තමන්ගේ ජීවිතේ ගැනවත් හිතන්නනේ නැතුව ක්‍රියාකරන කාලයක් මේ ඇවිල්ලා තියෙන්නේ ඒ අය තම ජීවිත පරදුවට තබලා සේවය කරනවා.''