theleaderlk 01

විවිධ පුද්ගලයන් දේශපාලනික වශයෙන් නම්මවා ගැනීමේ අරමුණින් විවිධාකාරයෙන් ක්‍රියාත්මක මෘදු මත්පැන් බලපත්‍ර අල්ලස් දියත් කිරිම නතර

කරන ලෙස විපක්ෂ නායකවරයා ඉල්ලා තිබේ.

රජයට ආධාර උපකාර කරන මන්ත්‍රීවරුන්ට වෙනත් නම් යොදා මත්පැන් බලපත්‍ර ලබා දීම ගැන හෙළිදරව් කළේ තමා බැවින් මහජන නියෝජිතයන් මෙයට සම්බන්ධ වි ඇත් ද කියා දැන ගැනීමට අවශ්‍ය බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසන්නේ.

පසුගිය කාලයේ ශීඝ්‍ර ලෙස මෘදු මත්පැන් බලපත්‍ර ලබා දීම ක්‍රියාත්මක වූ බවත් එය මතින් තොර ප්‍රතිපත්තියට පටහැනි බව ද ඔහු පෙන්වා දුනි.

සංචාරක ක්ෂේත්‍රය කේන්ද්‍ර කර ගෙන එම පහසුකම් ලබා දීම සංචාරක කර්මාන්තයේ කොටසක් ලෙස ක්‍රියාත්මක වුවත් සංචාරක කර්මාන්තය ක්‍රියාත්මක නොවන ගම්මාන ඇතුළේ පවා මෙම බලපත්‍ර ලබා දී ඇති බව ද සජබ නායකයා ඊයේ (07) පාර්ලිමේන්තුවේදී පැවසීය.

විහාරස්ථානවල ස්වාමින් වහන්සේලා සෙසු ආගමික නායකයන් සිවිල් පුරවැසියන් මෙයට විරෝධතාව පළ කර ඇති බව කී විපක්ෂ නායක විහාරස්ථාන අසළ, පාසල් අසළ, සංචාරක කර්මාන්තය ක්‍රියාත්මක නොවන ප්‍රදේශවල මෙම බලපත්‍ර ලබා දී ඇත්නම් මේ ගැන සොයා බල පරීක්ෂා කර නුසුදුසු තැන්වලට ලබා දී ඇති මෘදු මත්පැන් බලපත්‍ර අහෝසි කළ යුතු බව වැඩිදුරටත් කියා සිටියේය.


pe2024 2

worky sin

නවතම පුවත්