COVID-19 පැතිරී යන මෙවැනි වාතාවරණයක පුවත්පත් මුද්‍රණය කර බෙදා හැරීම දැඩි අවදානම් සහගත බව වෛද්‍යවරු පවසති.

පුවත්පත් බෙදා හැරීම  කොරෝනා ගෙදරටම ගෙන්වා ගන්නා ක්‍රමයක් විය හැකි බවට ඇතැම් වෛද්‍යවරු අනතුරු අඟවා තිබේ.

එමෙන්ම එය ජනමාධ්‍යවේදීන්ගේ සහ පුවත්පත් ආයතනවල සේවකයන්ගේ ජීවිතය ද අවදානමකට ලක් කිරීමක් බව ඔවුහු පවසති.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ  අපේක්ෂා රෝහලේ ⁣වෛද්‍ය නිහාල් රංජන් මෙසේ පැවසීය.

"මෙම මොහොතේ පත්තර මුද්‍රණයේ විශාල අවදානමක් තිබෙනවා. පත්තරයක් මුද්‍රණය කරල අවශ්‍ය කෙනාගෙ ගෙදරට යවන වැඩපිළිවෙළක් නෑනෙ. මේක සාමාන්‍ය තත්ත්වයක් නෙවෙයි. පත්තරේ එක්ක කොරෝනා ගෙනයෑමක් බවට මෙය පත්වෙන්න පුළුවන්. ඒක කරනවද නැද්ද කියල කල්පනා කරන්න.

විශේෂයෙන්ම මුද්‍රණ අංශ සේවකයන්ට නිශ්චිත දුර තබාගෙන වැඩ කරන්න පුළුවන් ද? බෙදාහැරීමේ දී එහෙම වෙනවද? මේ වගේ ප්‍රශ්න රැසක් එනවා. එනිසා මේ අවස්ථාව මුද්‍රණය වෙනුවට ඊ පුවත්පත් වැනි විකල්ප ප්‍රකාශන මාධ්‍යයකට යොමුවිය යුතු මොහොතක්"

මෙම තත්වය තුල මේවනවිට මෙරට සෑම පුවත්පත් ආයතනයක් ම තම පුවත්පත් අන්තරජාලය ඔස්සේ පළකරමින් සිටියි.

(උපුටා ගැනීම් : medialk.com)

සබැඳි පුවත් :

කොරෝනා වෛරසය: මුදල් නෝට්ටු හා ටෙලර් මැෂීන් භාවිතයට බිය විය යුතු ද?

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්