අද (23) දිනයේදී නව කොරෝනා වෛරසයට ගොදුරුවූ රෝගීන් පස් දෙනෙක් හඳුනා ගෙන ඇති බව

සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටියි.

ඒ අනුව මේ වන විට මෙරටින් කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් 91 දෙනෙක් සොයා ගෙන ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා පවසයි.

 

IDH රෝහලේ වෛද්‍යවරයෙක්ට වැළදේ !

ඒ අතර මුල්ලේරියාවේ පිහිටි IDH රෝහලේ සේවය කරනු ලබන වෛද්‍යවරයෙකුට ද නව කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බව ජාතික බෝවන රෝග විද්‍යා ආයතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සඳහන් කර සිටියි..

විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සඳහන් කලේ මෙලෙස කොරෝනා වෛරසයට ගොදුරුව ඇත්තේ IDH රෝහලේ මහජන සෞඛ්‍ය අංශයේ සේවය කරනු ලබන වෛද්‍යවරයෙක් බවයි.

ඊයේ දිනයේදී මෙම වෛද්‍යවරයාට නව කොරෝනා වෛරසය වැළදී ඇති බවට තහවුරුවී ඇති බව විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර පුද්ගලයින් දෙදෙනෙකු අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

කොරෝනා වෛරසය ආසාදිත බවට සැකපිට පුද්ගලයින් 222 දිවයිනේ රෝහල් 18ක ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය පෙන්වා දෙයි.

වෛරසය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා දිවයින පුරා නිරෝධායන මධ්‍යස්ථාන 45ක පුද්ගලයන් 3506 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමුකර තිබේ.

 

"ස්විස් දේවගැතිවරයා" ඇසුරු කළ අයෙකුට කොරෝනා වෛරසය

WhatsApp Image 2020 03 22 at 4.55.27 PM"ස්විස් දේවගැතිවරයා"

යාපනය, අරියාලෙයි ප්‍රදේශයේ දේවස්ථානයක දේව මෙහෙයක් පැවැත්වූ, නව කොරෝනාවෛරසය ආසාදිත දේවගැතිවරයා ඇසුරු කළ අයෙකුට ද එම වෛරසය ශරීරගත වී ඇති බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පැවසීය.

එම පුද්ගලයා දේව මෙහෙයට සහභාගි වූ අයෙකු නොවන අතර දේවගැතිවරයා ලැගුම්ගෙන සිටි ස්ථානයට ගොස් ඔහු හමුවූ අයෙකි.

අදාළ දේව මෙහෙයට සහභාගි වූ පුද්ගලයන් 240 දෙනෙකු සදුදා (මාර්තු 23) වන විට හඳුනාගෙන ඇතැයි උතුරු පළාත් ආණ්ඩුකාර, පී එස් එම් චාල්ස් බීබීසී සිංහල සේවයට කියා සිටියාය.

"පුද්ගලයන් 240ක් ආරක්ෂක අංශවල අධික්ෂණය මත තමන්ගේ නිවෙස් තුළ ම නිරෝධායනයට ලක් වෙනවා. එම දේවගැතිවරයාව සමීපව ඇසුරු කළ පුද්ගලයන් 20 දෙනෙක් හමුදාව පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයක සිටිනවා. ඒ අය සෞඛ්‍ය නිලධාරීන්ගේ සහ ආරක්ෂක නිලධාරිගේ අධීක්ෂණයට ලක්වෙනවා. අද වන විට උතුරු පළාත ලොක්ඩවුන්. හෙට තත්ත්වය සලකා බලා තීරණයක් ගන්නවා,'' යනුවෙන් උතුරු පළාත් ආණ්ඩුකාරවරිය වැඩිදුරටත් පැවසුවාය.

යුරෝපය හා අනෙකුත් රටවල සිට පැමිණි, යාපනය, මන්නාරම, වවුනියා, කිලිනොචිචි හා මුලතිව් යන දිස්ත්‍රික්කවල ජීවත් වන 880 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක්කර තිබේ.

 

ජාතික රෝහලේ එක් වාට්ටුවක කාර්ය මණ්ඩලය නිරෝධායනයට!

මේ අතර කොරෝනා ආසාධනය වූ පුද්ගලයකු නිසා ජාතික රෝහලේ එක් වාට්ටුවක කාර්ය මණ්ඩලය සහ බාහිර රෝගී අංශයේ කාර්ය මණ්ඩලය නිරෝධායනය ක්‍රියාවලියකට යොමු කර ඇතැයි වාර්තාවේ. එම රෝගියා සිය ගමන් බිමන් ඉතිහාසය ද සඟවා තැබීමට කටයුතු කොට තිබීම බරපතල කාරණයකි.

මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් පළකර ඇති ප්‍රවීන මාධ්‍යවේදී අරුන කුලතුංග පවසන්නේ, මෙය පුර්වමර්ශිත (කලින් සැලසුම් කරන ලද) මිනීමැරුමක් බවයි.

 වෛරසයට නිරාවරණය වී ඇති බව දැන දැනම බලධාරීන් වෙත වාර්තා නොකරන පුද්ගලයින් හට ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් නියම කරන ලෙස ප්‍රමාදවී හෝ ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බැලිය යුතු බව ඔහුගේ අදහසයි. එසේම මෙම දඬුවම් ක්‍රියාත්මක වීමට පෙර එවැනි පුද්ගලයින්ට බලධාරීන් වෙත වාර්තා කිරීම සඳහා රජය විසින් පැය 24 ක කාලයක් ප්‍රකාශයට පත් කළ හැකි බව ඔහු කියා සිටියි.

Aruna Kulathunga:

One whole ward of the national hospital, it’s staff and other OPD staff who came into contact with a corona positive patient has been quarantined. The patient has hidden his travel history.

I suggested last week that government should announce a tough policy against those who are spreading the virus, intentionally, by hiding their travel history and possible contact with other confirmed patients. This is premeditated murder. Please agitate, even at this late hour, for the government to announce a maximum penalty of life imprisonment for those who are not reporting themselves to the authorities, knowing that they may have been exposed to the virus. The government can announce a 24 hour period for them to report themselves, before the penalties comes into effect. Please share this. - Aruna Kulatunga.

 

කොරෝනා ආසාදනය වු පළමු ලාංකිකයා රෝහලෙන් පිටව යයි:

මෙරටින් වාර්තා වූ පළමු කොවිඩ් - 19 වෛරසය ආසාදිත සංචාරක මඟ පෙන්වන්නා සම්පූර්ණයෙන් සුවය ලබා අයි.ඩී.එච්. රෝහලෙන් පිටව ගිය බව ආරංචි මාර්ග පවසයි.

මෙලෙස ශ්‍රී ලංකාව තුළදීම ආසාදිතයෙකු හමුවු‍ණේ චීනයේ වූහාන්හි වෛරස ව්‍යාප්තියෙන් දින 71කට පසුවයි.

ඔහු ඉතාලි බස කතාකරන මාර්ගෝපදේශකයෙකි.                                              

ඒ අනුව ඔහු අද(23) දිනය දක්වා අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යාතනයේ ප්‍රතිකාර ලබමින් පසු විය.  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්